ශ්‍රී ලංකාවේ තරු 3ක් SA20 ලීගයට

385

දකුණු අප්‍රිකාවේදී ක්‍රියාත්මක වීමට නියමිත SA20 ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් තිදෙනකු තෝරාගෙන තිබේ. ඒ අනුව කුසල් මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ සහ ඩිල්ශාන් මදුශංකට මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථව උදා වී තිබේ.

පසුගියදා පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී කුසල් මෙන්ඩිස් සහ ඩිල්ශාන් මදුශංක කණ්ඩායම් දෙකක් සඳහා තෝරාගෙන ඇති අතර මහීෂ් තීක්ෂණ වෙන්දේසියටත් පෙර ජහනර්ස්බර්ග් සුපර් කිංග්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන තිබිණි.

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදී පැවැති අදාළ ක්‍රීඩක වෙන්දේසිය සඳහා සමස්ත ක්‍රීඩකයන් 318 දෙනකුගේ නම් ඉදිරිපත් වී තිබූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 30 ක් ඉදිරිපත් වී තිබිණි. ක්‍රීඩක වෙන්දේසියේදී කුසල් මෙන්ඩිස් ප්‍රේටෝරියා කැපිටල් කණ්ඩායම සඳහා තෝරාගෙන ඇති අතර ඩර්බන් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සඳහා ඩිල්ශාන් මදුශංක තෝරාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment