ශ්‍රී ලංකාවේ දුක බලන්න ඉන්දීය – ජපන් සන්ධානයක්

35

අර්බුදයට පත්ව සිටින ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට ඉන්දියාව සහ ජපානය එකඟ වී ඇති බව ජපාන රජය පවසයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජපාන අගමැකි ෆුමියෝ කිෂිඩා අතර පසුගිය දා ටෝකියෝ නුවර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මේ බව ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය – ජපාන අග්‍රාමාත්‍යවරුන් පසුගිය 24 වැනිදා ටෝකියෝ නුවර පැවැති රාජ්‍ය නායක සමුළුවට එක්වීමෙන් අනතුරුව බලශක්ති, ආයෝජන හා ආරක්ෂක ඇතුළු ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබේ.

මෙම හමුවෙන් පසු ඔවුන් ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ බවත් වත්මන් ආර්ථික අර්බුදය සහ රටේ මානුෂීය තත්ත්වය පිරිහීම සම්බන්ධයෙන් ඔවුන් එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු කරන බවත් තහවුරු කළ බව ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment