ශ්‍රී ලංකාවේ දෙවැනි පුහුණුව අද අයර්ලන්තය සමග

204

2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු තරගය අද (13 වැනිදා ) පැවැත්වේ.

 මෙල්බර්න් ජන්ෂන් ඕවල්හි දී ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 9.30ට ආරම්භ වන මෙම තරගය ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගීවන අවසාන පුහුණු තරගය ද වේ.

 සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති පළමු පුහුණු තරගයෙන් ලකුණු 35ක ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා සමත් විය.

 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික අදියර ලබන 16 වැනිදා ආරම්භ වීමට නියමිත අතර තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාවට එරෙහිව තරග වැදීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment