ශ‍්‍රී ලංකාවේ දෙවැනි වෑයම සුපිරි පන්දු වාරයෙන් මග හැරෙයි – ශී‍්‍ර ලංකා – ඔස්ටේ‍්‍රලියා විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය

467

දෙපිළේම ලකුණු සමවීම මත තරගයේ තීරණයක් සෙවීම වෙනුවෙන් කි‍්‍රයාත්මක කළ සුපිරි පන්දු වාරයේදී ශී‍්‍ර ලංකාව පරාජයට පත්කරමින් දෙරට අතර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ දෙවැනි තරගය ජය ගැනීමට සත්කාරක ඔස්ටේ‍්‍රලියානුවෝ ඊයේ (13 වැනිදා) සමත්වූහ. එ් අනුව දෙරට අතර තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඔස්ටේ‍්‍රලියාව මේ වනවිට සමත්වී සිටී.

 සිඞ්නි කී‍්‍රඩාංගණයේදී ලකුණු 164ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශී‍්‍ර ලංකා පිතිකරුවෝ තරගයේ අවසන් පන්දු 2දී ලකුණු 6ක් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටියේය. ඒ අනුව ස්ටොනිස් විසින් කි‍්‍රයාත්මක කළ එම පන්දුවාරයේ 5 වැනි පන්දුව වයිඞ් පන්දුවක් ලෙසින් පිට ඉන්නට ඈතින් අදී ගියත් විනිසුරුවන් එය වයිඞ් පන්දුවක් ලෙස සලකුණු නොකළ අතර ශී‍්‍ර ලංකා පිතිකරුවෝ එයට අමතර ලකුණක් සඳහා පැතිමාරු කර ගත්හ. එ් අනුව අවසන් පන්දුවේදී ජයග‍්‍රහනය සඳහා අවශ්‍ය වූ ලකුණු 5 වෙනුවට හතරේ පහරක් එල්ල කරමින් තරගයේ ලකුණු සමකර ගැනීමට දුෂ්මන්ත චමීර සමත්විය.

 තරගයේ තීරණය සෙවීම සඳහා කි‍්‍රයාත්මක කළ සුපිරි පන්දු වාරයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දු වාරය තුළදී එක් කඩුල්ලක් දැවී ලකුණු 5ක් වාර්තා කළේය. එම ඉලක්කය පන්දු 3කදී හතරේ පහර 2ක් එල්ල කරමින් පසුකර යෑමට ඔස්ටේ‍්‍රලියාව සමත්විය.

 ඊයේ දිනයේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් සුපිරි ඉනිමක් කී‍්‍රඩා කළ පැතුම් නිස්සංක පන්දු 53කදී ලකුණු 73ක් වාර්තා කරමින් නොතිබූ ජයග‍්‍රාහි බලාපොරොත්තු ශී‍්‍ර ලංකාව දෙසට හැරවීමට සමත්විය. හතරේ පහර 7කින් අලංකාර වූ එම ඉනිමට හයේ පහර 2ක්ද ඇතුළත් විය.

 දසුන් ශානක පන්දු 19කදී ලකුණු 34ක් ලබා සිටියදී දුවද්දී දැවී ගිය අතර එය ශී‍්‍ර ලංකාවේ ජයග‍්‍රාහි මාවතට තිත වැටුණු අවස්ථාව ලෙසින් සටහන් විය.

 සිය දෙවැනි ජාත්‍යන්තර විස්සයි විස්සට තරගයට කී‍්‍රඩා කරන ජෝස් ඉන්ග්ලිස් ඊයේ ලකුණු 48කින් ඔස්ටේ‍්‍රලියානු ඉනිම සැරසුවේය. ඊට හතරේ පහර 5ක් ඇතුළත් වූ අතර එ්රන් ෆින්ච් පන්දු 20කදී ලකුණු 25ක් වාර්තා කළේය.

 දෙරට අතර තෙවැනි තරගය හෙට (15 වැනිදා* පැවැත්වේ.

 ලකුණු සාරාංශය

 ඔස්ටේ‍්‍රලියාව පන්දු වාර 20දී කඩුලූ 6ක් දැවී ලකුණු 164යි (බෙන් මැක්ඩමෝ 18, එ්රන් ෆින්ච් 25, ජෝස් ඉන්ග්ලිස් 48, ග්ලේන් මැක්ස්වෙල් 15, මාක්‍රොස් ස්ටෙනිස් 19, වනි`දු හසරංග 33/2, දුෂ්මන්ත චමීර 30/2*

 ශී‍්‍ර ලංකාව පන්දු වාර 20දී කඩුලූ 8ක් දැවී ලකුණු 164යි (පැතුම් නිස්සංක 73, දසුන් ශානක 34, දිනේෂ් චන්දිමාල් 19, ජොස් හසල්වුඞ් 22/3*

 සුපිරි පන්දුවාරය

 ශී‍්‍ර ලංකාව 6/1

 ඔස්ටේ‍්‍රලියාව 9/0

advertistmentadvertistment
advertistmentadvertistment