ශ්‍රී ලංකාවේ පළමු වරට කාඩ් වෙතට මුදල් හුවමාරු කිරීම සඳහා කොමර්ෂල් බැංකුව ‘Visa Direct’ සහ ‘Mastercard Send’ හඳුන්වා දෙයි

109
කොමර්ෂල් බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා එළි දැක්වීමේ අවස්ථාවේ පළමු ගනුදෙනුව සිදුකළ අයුරු සහ කොමර්ෂල් බැංකුවේ කණ්ඩායම ඪසි් සහ ඵ්ිඑැරජ්රා කළමනාකරණ කණ්ඩායම සමග. (වමේ සිට) කොමර්ෂල් බැංකුවේ කාඩ් මධ්‍යස්ථානයේ ප්‍රධාන කළමනාකරු, නිශාන්ත ද සිල්වා මහතා, ප්‍රධාන මෙහෙයුම් නිළධාරී, එස්. ප්‍රභාගර් මහතා, ඵ්ිඑැරජ්රා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නේවාසික කළමනාකරු, සඳුන් හපුගොඩ මහතා, කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා, ඪසි් සමාගමේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නේවාසික කළමනාකාරිනී, අවන්ති කොළඹගේ මෙනවිය, කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ, හස්රත් මුණසිංහ මහතා සහ කොමර්ෂල් බැංකුවේ කාඩ් මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු, සීවලී වික්‍රමසිංහ මහතා.

‘Visa Direct’ සහ‘Mastercard Send’ යන කාඩ් පදනම් කරගත් කාඩ්පත් අතර මුදල් හුවමාරු කිරීමේ පහසුකම් ශ්‍රී ලංකාව තුළ පළමු වරට සක්‍රීය කරන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.

මෙම නවතම ඩිජිටල් පියවර මගින් කොමර්ෂල් බැංකුවේ Visa සහ Mastercard ඩෙබිට් සහ ප්‍රීපේඩ් කාඩ් හිමියන්ට කොමර්ෂල් බැංකුවේ ස්වයංක්‍රීය යන්ත්‍ර මගින් සහ Q+ ගෙවීමේ ඇප් පහසුකම මගින් දේශීයව නිකුත් කර තිබෙන ඕනෑම Visa සහ Mastercard ඩෙබිට්, ක්‍රෙඩිට් හෝ ප්‍රීපේඩ් කාඩ් පතකට මුදල් හුවමාරු කළ හැකිවේ.

මෙහිදී, ගනුදෙනුකරුවන් කොමර්ෂල් බැංකුවේ ATM හෝ CRM යන්ත්‍ර භාවිතා කරමින් මුදල් හුවමාරු කරන විට කොමර්ෂල් බැංකුවේ ඩෙබිට් හෝ ප්‍රීපේඩ් කාඩ් යවන්නාගේ කාඩ්පත ලෙස භාවිතා කළ හැකිවේ. එසේම, මුදල් යවන්නාගේ කොමර්ෂල් බැංකු ඩෙබිට් හෝ ප්‍රීපේඩ් කාඩ් වලට ඒකාබද්ධ කර තිබෙන ඉතිරි කිරීමේ ගිණුම් හෝ ජංගම ගිණුම් මුදල් මූලාශ්‍රය ලෙස මෙහිදී භාවිතා කළ හැකි බව බැංකුව සඳහන් කරයි.

කොමර්ෂල් බැංකුව සඳහන් කරන්නේ Visa සහ Mastercard ජාලයන් භාවිතා කරමින් මෙම ගනුදෙනු සිදුකරන නිසා බැංකු අතර අධි සුරක්ෂිතව සහ පහසුවෙන් මුදල් හුවමාරු කිරීමට මින් අවස්ථාව ලැබෙන බවයි. Q+ ගෙවීමේ ඇප් පහසුකම මගින් මුදල් ලබන්නාගේ අංක 16 කින් යුතු කාඩ් අංකය ඇතුළත් කිරීමෙන් ඉතාමත් පහසුවෙන් මෙම ගෙවීම් සිදුකළ හැකිවේ. මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘මෙම නව්‍ය හඳුන්වාදීම මගින් ගනුදෙනුකරුවන්ට ඉහළම පහසුවක් සහ සේවාවක් ලැබෙනවා. ගෝලීයව කීර්තියට පත්ව තිබෙන Visa Direct සහ Mastercard Send සමග එක්ව කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වාදී තිබෙන මෙම නවතම මුදල් හුවමාරු පද්ධතිය මගින් ව්‍යාපාර, රජයේ ආයතන, පුද්ගලික සමාගම් මෙන්ම වෙළෙඳුන්ට විවිධ කටයුතු සඳහා මුදල් මුදා හැරිය හැකියි. උදාහරණයක් විදිහට වේතන ගෙවීමට, සැපයුම්කරුවන්ට ගෙවීමට, වෙළෙඳ ගනුදෙනු වලදී නැවත මුදල් ලබාදීමට මෙම පද්ධතිය යොදාගන්න පුළුවන්. අපේ අරමුණ වෙන්නේ නව්‍ය වූ නිෂ්පාදන සහ සේවා මගින් පාරිභෝගික සේවාවේ සහ අත්දැකීමේ සීමා මායිම් නිරන්තරයෙන් පුළුල් කිරීමයි.’

advertistmentadvertistment
advertistmentadvertistment