ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන බැචලේ කනස්සල්ලෙන්

178

ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන නොසන්සුන්තාව පාලනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචෙලේ මහත්මිය ප්‍රකාශ කරයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් විසින් සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීමත් එයින් පසු ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන්ට එල්ල වූ මැර ප්‍රහාරත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම පිළිබඳව තමා කනස්සල්ලට පත්ව සිටින බව කොමසාරිස්වරිය කියයි.

සියලු ආකාරයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා තමන් හෙළා දකින අතර සියලුම පහරදීම් පිළිබඳව පුළුල් විනිවිදභාවයෙන් යුත් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව බැචලේ මහත්මිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment