ශ්‍රී ලංකාවේ පුහුණුවට වැස්ස හරස් වේ

140

බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා පිල සමගින් ඊයේ (10 වැනිදා) ආරම්භ වූ දෙදින පුහුණු ක්‍රිකට් තරගය පැවැත්වෙන සවාර් ප්‍රදේශයට නොකඩවා වර්ෂාව ඇද හැලීම හේතුවෙන් තරගය පන්දුවාර කිහිපයකට පමණක් සීමා විය.

වර්ෂාව හේතුවෙන් තරගය ඊයේ පස්වරුවේ ආරම්භ වූ අතර පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නවතන විට පන්දුවාර 8.3කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 14ක් රැස්කර ගෙන සිටියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නොදැවී කඩුල්ලේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 05ක් සහ අසිත ප්‍රනාන්දු ලකුණු 07ක් රැස්කරගෙන රැඳී සිටියේය.

සැඳෑ ආරක්ෂක පිතිකරු ලෙස වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සමගින් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේය.

කෙසේ නමුත් ඊයේ දිනයේ එතරම් සාර්ථක වීමට අවස්ථාවක් නොලැබුණු දිමුත්ගේ ඉනිම ලකුණු 02කට සීමා විය.

මුකිදුල් ඉස්ලාම් එවූ පන්දුවක් හමුවේ අනාමුල් හක් වෙත උඩ පන්දුවක් ලබා දීමෙන් දිමුත් කරුණාරත්නගේ ඉනිම නිමා විය. තරගයේ දෙවැනි දිනය හෙවත් අවසන් දිනය අදට යෙදී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment