ශ්‍රී ලංකාවේ බදු ගැහිල්ල ජාත්‍යන්තර පීල්ලේ

183

ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වා දී ඇති බදු අනුපාත ජාත්‍යන්තර බදු අනුපාත සමග ද අනුකූල බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය පවසයි.

එම කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් සහ මෙහෙයුම් ප්‍රධානි මසහිරෝ නොසාකි යන මහත්වරුන් ඒ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවට බදු ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවය.

එසේම ශ්‍රී ලංකාවේ මතුව ඇති ආර්ථික අර්බුදයට මුල් වී ඇති හේතු අතර රජයේ ආදායම් එකතු කිරීම් මගින් වියදම් අවශ්‍යතා සපුරා ගැනීමට ඇති නොහැකියාව ද පවතින බවද සඳහන් කරයි. අත්‍යවශ්‍ය වියදම් සඳහා රජයට අරමුදල් සොයාගත හැක්කේ සුදුසු බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මගින් පමණක් බව ද එහිදී දිළිඳු හා වඩාත් ම අවදානමට ලක්විය හැකි පාර්ශ්ව ආරක්‍ෂා කරමින් බදු අයකර ගැනීම කළ යුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අයි එම් එෆ් කියයි

advertistmentadvertistment
advertistmentadvertistment