ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ගැන මහ බැංකුවෙන් ප්‍රකාශන පත්‍රිකාවක්

179

ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මහ බැංකුවේ කාර්යභාරය පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ‘ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම’ පිළිබඳ ප්‍රකාශන පත්‍රිකාවක් භාෂා තුනෙන්ම නිකුත් කර ඇත.

මෙම ප්‍රකාශනයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් සන්නිවේදන උපාය මාර්ගයේ කොටසක් ලෙස, මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ තාක්ෂණික කරුණු පිළිබඳ සරල සාකච්ඡාවක් ඉදිරිපත් කරන බව මහ බැංකුව කියයි. විවිධ පාර්ශ්වකරුවන්ට මුදල් ප්‍රතිපත්තිය සම්පාදනය, ක්‍රියාත්මක කිරීම, මුදල් උපකරණ සහ සම්ප්‍රේෂණය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙන්ම, සාමාන්‍ය ජනතාව අතර මුදල් මෙහෙයුම් කටයුතු පිළිබඳ වැරදි වැටහීම් ඉවත් කිරීමට ද මෙම පත්‍රිකාව උපකාරී වනු ඇති බව ද මහා බැංකුව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය හරහා මෙම පත්‍රිකාවේ විද්‍යුත් පිටපතක් ලබා ගත හැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment