ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය, ජාතික ආරක්ෂාව සහ ඩයස්පෝරාව

367

මෑත වසරවලදී, ශ්‍රී ලංකාව වැනි කුඩා දූපත් රටවල රාජ්‍ය තාන්ත්‍රිකභාවය තුළින් ස්ථාවරත්වය සහ ස්වෛරීභාවය පිළිබඳ නව චින්තනයක් මතු වී තිබේ. ජාත්‍යන්තර වශයෙන් ලෝක බලවතුන් ඉදිරියේ ශ්‍රී ලංකාව වැදගත් වන්නේ නොබැඳි සමුද්‍ර ආරක්ෂක, විදේශ ප්‍රතිපත්ති තුලනය කරන රටක් සහ ලෝකය සමඟ ඩයස්පෝරා සම්බන්ධතා පවත්වාගෙන යන ඉන්දියන් සාගර කලාපයේ ප්‍රධාන කුඩා දූපත් රටක් ලෙසය. මෙයට එකතු කළ යුතු තවත් වැදගත් සාධකයක් වන්නේ ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයට සාපේක්ෂව ඩයස්පෝරා ප්‍රජාව විශාලය. ආපසු හැරී බලන විට, හොඳ සහ අභියෝගාත්මක කාලවලදී වුවද ශ්‍රී ලංකාවේ වර්තමාන විදේශ ප්‍රතිපත්තියේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ අසල්වැසි රාජ්‍ය තාන්ත්‍රිකත්වය කෙරෙහි අවධාරණයයි. නිදහසෙන් පසු වසර හැත්තෑවකට අධික කාල රාමුව තුළ ආර්ථික සුරක්ෂිතභාවය, ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය සහ රටේ විදේශ ප්‍රතිපත්ති දිශාව පිළිබඳව රට පාලනය කළ විවිධ ආණ්ඩු යොමු කළ ප්‍රබල අදහස් කිහිපයකි. ඉහත කරුණු විශ්ලේෂණය කිරීමේදී රට ස්ථාවර කිරීම සඳහා ශ්‍රී ලංකාව, ආර්ථිකය, බාහිර හා ජාතික ආරක්ෂක ප්‍රතිපත්ති සහ ඩයස්පෝරාව කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

රාජ්‍ය තාන්ත්‍රික මගපෙන්වීම

ශ්‍රී ලංකාව මානව සංවර්ධනයේ ඉහළ ජයග්‍රහණ අත්කර ගැනීමට උපකාර කළ සමාජ සුබසාධන ප්‍රතිපත්ති අනුගමනය කළේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දුන්නේ පසුගිය වසරේදීය. තිරසාර සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ඇති කර ගැනීම සඳහා සහ බාහිර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට ශක්තිමත් මූල්‍ය රාමුවක් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වේ. ඒ හේතුවත් එක්ක ජාතික ආරක්ෂක උපාය මාර්ග සහ රාජ්‍ය තාන්ත්‍රික මගපෙන්වීම දෙසට අවධානයක් යොමු වී ඇත. ඉන්දියන් සාගර කලාපය කෙරෙහි අඛණ්ඩ අවධානය යොමු කිරීම සලකා බැලීමේදී, ශ්‍රී ලංකාවේ සබඳතා සහ විදේශ ප්‍රතිපත්ති සම්පාදනය පරිවෘත්තීය පරිවර්තනයක් හරහා ගමන් කර ඇත. ශ්‍රී ලංකාව සිය විදේශ ප්‍රතිපත්තිය තුළින් සාර්ථක රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ විස්මිත උදාහරණයක් පෙන්වයි. ශ්‍රී ලංකාවට ගැළපෙන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා තම විදේශ සහ ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය ඉහළ මට්ටමකට පරිවර්තනය කළ යුතුය.

ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය

දශකයකට පෙර ශ්‍රී ලංකාවේ දිගුකාලීන සිවිල් යුද්ධය අවසන් වීමත් සමඟ දිවයිනේ ජාතික ආරක්ෂාව සහ සමුද්‍රීය හැකියාවන්හි වෙනසක් ඇති විය. සාමාන්‍යයෙන්, ශ්‍රී ලංකාව පසුගිය දශකය තුළ ආරක්ෂක වියදම් සඳහා වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට දෙකකට (2%) ආසන්න මුදලක් වැය කර ඇත. ජාතික පරිමාණයෙන් තිරසාර වර්ධනයක් සහ සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා දිවයිනේ උපාය මාර්ගික අවශ්‍යතා සුරක්ෂිත කිරීම සඳහා ඉන්දියානු සාගර සීමාවේ සමුද්‍ර ආරක්ෂාව වැඩිදියුණු කිරීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය නැඟෙනහිර සිට බටහිරින් වෙන් කරන අත්‍යවශ්‍ය ස්වාරක්ෂක කලාපයක් වන අතර එය ඉන්දියානු උපාය මාර්ගික කක්ෂයේ මායිම් තුළ හොඳින් පිහිටා ඇත. ඉන්දියන් සාගරයේ භූ-දේශපාලනික වැදගත්කම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය ඉතා වැදගත් වේ. මේ හේතුව නිසා ශ්‍රී ලංකා වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200 ක් දක්වා වූ සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) ආරක්ෂා කිරීම සැලකිය යුතු හේතුවක් වේ

ඩයස්පෝරාවේ දායකත්වය

විදේශ ප්‍රතිපත්ති මුලපිරීම් තුළ මෘදු බලයේ වැදගත්කම ඩයස්පෝරාව පෙන්නුම් කරයි. ශ්‍රී ලංකාව සඳහා සංවර්ධිත රටවල සහ කලාපවල වෙසෙන ඩයස්පෝරාවේ දායකත්වය ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය සඳහා ඉතා වැදගත් වේ. වැදගත් කරුණක් නම්, මෙරටට විදේශ මුදල් ලැබෙන ප්‍රධාන මූලාශ්‍රයක් වන්නේ විදෙස්ගත ලාංකික ඩයස්පෝරාව හරහා ය. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාව ආර්ථික සංවර්ධනය, දැනුම ප්‍රවාහය, ආයෝජන සහ වෘත්තීය සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ඩයස්පෝරාව සමඟ සම්බන්ධ වීමේ අපේක්ෂාවන් දැක ඇත. 2020 ඇස්තමේන්තු අනුව, රටේ ඩයස්පෝරාව මිලියන තුනකට ආසන්න ජනතාවකින් සමන්විත වන අතර එයින් අදහස් වන්නේ ශ්‍රී ලාංකිකයන් අට දෙනකුගෙන් එක් අයෙක් විදේශ රටවල ජීවත් වන බවයි. දැනට ශ්‍රී ලාංකිකයන් රටෙන් පිටත විශාල වශයෙන් වෙසෙන කලාප වන්නේ යුරෝපා සංගමය, එක්සත් ජනපදය සහ ඔස්ටේ්‍රලියාව වන අතර, ස්කැන්ඩිනේවියාව, අරාබි ගල්ෆ් රාජ්‍ය අනෙකුත් කලාපවලට ඇතුළත් වේ. ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සම්බන්ධයෙන් ඉතාලිය සහ ඔස්‌ට්‍රේලියා රටවල ලක්ෂයකට අධික ශ්‍රී ලාංකික ඩයස්පෝරාවක් පදිංචිව සිටිති. තවද මැදපෙරදිග කලාපය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ප්‍රධාන ගමනාන්තයක් ලෙස පවතී. මැදපෙරදිග ශ්‍රී ලංකා ශ්‍රමිකයන් මෙරටට එවන වැටුප් මුදල් ප්‍රධාන විදේශ විනිමය ඉපැයුම් මාර්ගය වී ඇත.

රට ගොඩනැගීමේ ක්‍රියාවලිය

මෙම විශ්ලේෂණය සාරාංශගත කරන විට මෑත වසරවල ශ්‍රී ලංකාවේ විදේශ සහ ජාතික ආරක්ෂක ප්‍රතිපත්ති සැකසීම කෙරෙහි අඛණ්ඩ අවධානය යොමු කිරීම සලකා බැලීමේදී සැලකිය යුතු වෙනසක් සිදුවී ඇත. තවද ශ්‍රී ලාංකික ඩයස්පෝරාවේ ඇති වැදගත්කම ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානයට ලක් වූ මාතෘකාවක් විය. ඉදිරි වසරවලදී රට ශක්තිමත් මාවතකට ගෙන යෑමට ප්‍රතිපත්තිමය පදනමක් මත හිඩැස් ආමන්ත්‍රණය කිරීම සහ ප්‍රතිපත්ති ඵලදායී ක්‍රියා බවට පරිවර්තනය කිරීම අත්‍යවශ්‍ය වේ.

ආචාර්ය ශ්‍රීමාල් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment