ශ‍්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අභියෝගය කලාපීය සහ  ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහායෙන් ජයගත හැකිවේවි

156

බිම්ස්ටෙක් ලෝකයේ ආසියාවේ හඬ බවට පත්විය යුතුයි
 
 බිම්ස්ටෙක් රාජ්‍ය නායක සැසිය අමතමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ කියයි
 

 ගෝලීය උද්ධමනය සහ පැරණි ණය සේවා වගකීම් සමග ඒකාබද්ධ වී වර්තමානයේ ශ‍්‍රී ලංකාවට අභියෝගාත්මක ආර්ථික තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් අපගේ කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගීතාව සමග මෙම දුෂ්කරතා ජයගෙන වේගවත් ආර්ථික ප‍්‍රකෘතියක් ඇති කරනු ඇතැයි විශ්වාස කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (30දා) පැවැති බිම්ස්ටෙක් සමුළුවේ රාජ්‍ය නායක සැසිය අමතමින් පැවසීය.

ශ‍්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අභියෝගය කලාපීය සහ  ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහායෙන් ජයගත හැකිවේවි


බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති මෙම සමුළුවට සමාජික රටවල රාජ්‍ය නායකයින් සම්බන්ධ වූයේ මාර්ගගත වීඩියෝ තාක්ෂණය ඔස්සේය. ජනාධිපතිවරයාද වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සමුළුව ඇමැතීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

 ප‍්‍රථම වරට මාර්ගගත ක‍්‍රමය ඔස්සේ පවත්වනු ලබන 5 වැනි බිම්ස්ටෙක් සමුළුව සඳහා ඔබව පිළිගැනීමට අවස්ථාව ලැබීම පිළිබඳ මම සතුටු වෙමි.

 ආරම්භයේදීම, ඔබගේ ගෞරවනීය සහභාගීත්වය පිළිබඳ මම ඔබට ස්තූතිවන්ත වන අතර, මෙම සමුළුව සංවිධානය කිරීමට වෙහෙස මහන්සි වූ බිම්ස්ටෙක් මහලේකම්තුමා, ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ අනෙකුත් සියලූම දෙනාට ස්තූතිය පළ කරමි.

 අද අපි හමුවන්නේ අප සියලූ දෙනාටම අභියෝගාත්මක මොහොතකය

 කොවිඞ් – 19 වසංගතයත් සමග ලෝකය මේ සියවසේ දරුණුතම අර්බුදයට මුහුණ දී ඇත. ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩා ලැබීම සහ සියලූ අහිමි වූ ජීවිත සඳහා මම මාගේ බලවත් සංවේගය පළ කරමි. වසංගතය සියලූම ජාතීන්ට දරුණු ලෙස බලපෑවේය. බොහෝ රටවල් සැලකිය යුතු ආර්ථික, සමාජීය සහ දේශපාලන වෙනස්කම්වලට ලක් විය. එහි බලපෑම ගෝලීය ආර්ථිකයට අඛණ්ඩ බලපෑමක් සිදුකරන අතර ඉහළ යන තෙල් මිල, ප‍්‍රවාහන ගාස්තු සහ සැපයුම් සීමා කිරීම් ලොව පුරා උද්ධමනය ඇතිකර ඇත. ඉහළ යන ජීවන වියදම සමගින් ගණනය කළ නොහැකි සංඛ්‍යාවක ව්‍යාපාර වසා දැමීම නිසා මිලියන ගණනක් තම ජීවනෝපාය අහිමි වීමෙන් පීඩා විදින අතර, ආර්ථික අවස්ථා පටු වීම සහ සමහර අවස්ථාවල සමස්ත කර්මාන්ත කඩා වැටීම දක්නට හැකි විය.

 මෑත කාලයේ ඇති වූ අනෙකුත් ගෝලීය අර්බුද සමග එක්ව, මෙම නරක අතට හැරෙන ආර්ථික තත්ත්වයන් විශේෂයෙන්ම මිලියන ගණනක් දරිද්‍රතාවයෙන් පීඩා විඳින ජනගහනයක් ඇති සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට සෘණාත්මක බලපෑමක් ඇති කර ඇත.

 මෙම තත්ත්වයෙන් ගොඩඒම සඳහා ඉදිරි මාස සහ වසරවල් තුළ ජාත්‍යන්තර සහ අන්තර් කලාපීය සහයෝගීතාව වැඩිදියුණු කිරීමට අවශ්‍ය වනු ඇත. වසංගතයට එරෙහි පූර්ව ක‍්‍රියාමාර්ග තුළින් විශාල ජීවිත හානි වළක්වා ගැනීමට හැකි වීම, ශ‍්‍රී ලංකාව ලද ජයග‍්‍රහණයකි.

 ශක්තිමත් මහජන සෞඛ්‍ය ව්‍යුහය සමගින්, සමස්ත රජයේ එන්නත්කරණ ප‍්‍රවේශය මගින්, වයස අවු. 12ට වැඩි සියලූම ශ‍්‍රී ලාංකිකයන්ගෙන් 82%කට වැඩි ප‍්‍රමාණයක් දැනටමත් පූර්ණ වශයෙන් එන්නත්කරණය කර ඇති අතර 54%ක් බූස්ටර් මාත‍්‍රාව ලබාගෙන ඇත. මෙය අපට බොහෝ සමාජ සීමාවන් අවම කර යම් මට්ටමක සාමාන්‍ය තත්ත්වයකට පැමිණීමට ඉඩ සලසා ඇත.

 කෙසේ වෙතත්, අනෙකුත් බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල මෙන්ම, වසංගතයේ ආර්ථික ප‍්‍රතිවිපාක විශේෂයෙන් ශ‍්‍රී ලංකාවට දරුණු ලෙස බලපා ඇත.

 2020 සහ 2021 වසර වලදී වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පනවා ඇති සීමාවන් අපගේ ආර්ථිකයේ සෑම අංශයකටම බරපතළ ලෙස බලපෑවේය. සංචාරක ව්‍යාපාර ආදායම අහිමි වීම සහ විදේශගත ශ‍්‍රමිකයන්ගේ පේ‍්‍රෂණ අහිමි වීම මෙන්ම සෞඛ්‍ය ආරක්ෂණ වැඩසටහන්වලට පිරිවැය දැරීමට සිදුවීම සහ වසංගතයෙන් තම ජීවනෝපාය අහිමි වී පීඩාවට පත්වූවන් සඳහා සුබසාධනය සැපයීම, ඉහළ යන ගෝලීය උද්ධමනය සහ අපගේ පැරණි ණය සේවා වගකීම් සමග ඒකාබද්ධ වී වර්තමානයේ ශ‍්‍රී ලංකාවට අභියෝගාත්මක ආර්ථික තත්ත්වයක් නිර්මාණය කර ඇත.

 කෙසේ වෙතත්, කාලයක් මුළුල්ලේ අත්හදා බැලූ අප ජනතාවගේ විශිෂ්ට ශක්තිය සහ ප‍්‍රත්‍යාස්ථතාවය සහ අපගේ කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගීතාවය සමග

 ශ‍්‍රී ලංකාව මෙම දුෂ්කරතා ජයගෙන වේගවත් ආර්ථික ප‍්‍රකෘතියක් ඇති කරනු ඇතැයි මම විශ්වාස කරමි. මෙම ප‍්‍රයත්නය සඳහා බිම්ස්ටෙක් සාමාජික රටවල් කිහිපයක සහයෝගය මම විශේෂයෙන් අගය කරමි.

 ගෞරවනීය ආරාධිතයිනි,

 1997 වසරේ එහි ආරම්භයත් සමග බිම්ස්ටෙක් කලාපයේ රටවලට එකිනෙකාගේ අත්දැකීම්, ශක්තීන් සහ ප‍්‍රවීණත්වය බෙදා ගනිමින් එකිනෙකාට සහයෝගය දැක්වීමට වැදගත් වේදිකාවක් බවට පත්ව ඇත.

 අපගේ කලාපයේ භූ – උපාය මාර්ගික වැදගත්කම, ආර්ථික ශක්තිය සහ ලෝක ජනගහනයෙන් 1/5කට වැඩි ජනගහණ සවියක් තිබීම විශේෂයෙන් වැදගත් වේ. සාමාජික රටවල් අතර වර්ධනය කළ සහයෝගීතාව ආර්ථික නගා සිටීම සඳහා පමණක් නොව, වැඩි ආර්ථික සමෘද්ධියක්, වඩා හොඳ මහජන සෞඛ්‍යයක් සහ දිගුකාලීනව ඇති කලාපීය ප‍්‍රත්‍යාස්ථතාවය වර්ධනයට උපකාරී වේ.

 මෙම සමුළුව සඳහා තෝරාගත් තේමාව තුළ මෙම අභිලාෂයන් මනාව පිළිඹිබු වේ. ප‍්‍රත්‍යාස්ථ කලාපයක්, සමෘද්ධිමත් ආර්ථිකයක් සහ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් යන මෙම වටිනා අභිලාෂයන්, අර්ථාන්විත අන්තර් කලාපීය සහයෝගීතාවක් තුළින් අප සාක්ෂාත් කරගනු ඇතැයි මට උපරිම විශ්වාසයක් ඇත.

 අද දින අත්සන් කරන ලද බිම්ස්ටෙක් ප‍්‍රඥප්තිය, කලාපය තුළ පමණක් නොව ගෝලීය කටයුතු වලදී ආසියාවේ ගාමක බලවේගයක් ලෙස මෙම සංවිධානයේ කාර්යභාරය ඉහළ නැංවීම සඳහා වැදගත් පියවරක් වනු නොඅනුමානය. ශ‍්‍රී ලංකාව, ඉන්දියන් සාගරය මධ්‍යයේ ඇති සිය උපායමාර්ගික පිහිටීම අනුව, කලාපය තුළ වෙළඳාම් කටයුතු වැඩි දියුණු කිරීමේ කාර්යභාරයක් ඉටු කිරීමට සූදානම් ව සිටී.

 නාවික කටයුතු සහ සම්බන්ධතාව අපගේ ජාතික ආර්ථිකයේ කුළුණු වන අතර, නාවික, ගුවන් සහ ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් ලෙස ශ‍්‍රී ලංකාව සංවර්ධනය කිරීම කලාපයේ ආර්ථික වර්ධනයට සහාය විය හැකි වෙළඳාම් කටයුතු වල වර්ධනයට දායක වනු ඇත.

 පුළුල් අධ්‍යාපනික ප‍්‍රතිසංස්කරණ තුළින් අපගේ මානව ප‍්‍රාග්ධනය වැඩි දියුණු කිරීම මගේ රජයේ ප‍්‍රධාන ප‍්‍රතිපත්තියකි.

 අනාගත රැුකියා වෙළෙඳපොළ අවශ්‍යතාවන්ට ගැළපෙන දැනුම සහ කුසලතා සංවර්ධනය සඳහා උපකාර වන අධ්‍යාපනික ප‍්‍රතිසංස්කරණ හරහා තරුණ තරුණියන්ට රැුකියා ලෝකයට පහසුවෙන් ප‍්‍රවේශ වීමට පහසුකම් සැලසිය යුතුය. අනපේක්ෂිත සිදුවීම් හමුවේ අපගේ සමාජය කෙතරම් ඉක්මනින් වෙනස්වන සුළු ද යන්න පසුගිය කාලයේදී සිදුවූ සිදුවීම් අපට උගන්වා ඇති වඩාත් දුෂ්කරම පාඩම්වලින් එකකි. කෙසේ වෙතත්, සියලූම ජාතීන්ට විනාශකාරී ලෙස වසංගතය පැතිරී ගියද මිනිසා විසින් ඇතිකරන ලද දේශගුණික විපර්යාසවල බලපෑම් දිගුකාලීන වන අතර ඒවා වඩාත් නරක අතට හැරීමේ හැකියාව ඇත.

 පොදු රාජ්‍ය මණ්ඩලයීය නීල ප‍්‍රඥප්තිය‘ හරහා ද කඩොලාන සංරක්ෂණය සඳහා ශ‍්‍රී ලංකාව නායකත්වය දෙමින් කාර්යභාරයක් ඉටු කරයි.

 හරිත කෘෂිකර්මය ද ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රධාන වැඩසටහනක් බවට පත් වී ඇත. අපේ ග‍්‍රාමීය ජනගහනයෙන් වැඩි ප‍්‍රමාණයක් කෘෂිකර්මාන්තයේ හෝ ඒ ආශ‍්‍රිත අංශවල රැුකියාවල නිරත වේ. කර්මාන්ත වලින් මෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් ගංගා සහ සාගර ¥ෂණය වීම අවම කිරීම මෙන්ම භූගත ජලය ආරක්ෂා කිරීම ද එකලෙස අත්‍යවශ්‍ය වේ.

 මුහුණ දීමට අභියෝග තිබුණද, බිම්ස්ටෙක් හි අනාගතය පැහැදිලි සහ ශක්තිමත් බවට මට කිසිදු සැකයක් නැත. අපගේ සාමූහික ප‍්‍රයත්නයන් තුළින් බිම්ස්ටෙක් හි අද සමුළුවේ තේමාවෙන් ඉස්මතුකරන අභිලාෂයන් සාක්ෂාත් කරගත හැකිය. ලෝකය තුළ ආසියාවේ වැදගත් සාමූහික හඬක් බවට පත් වීමට ද බිම්ස්ටෙක් සංවිධානයට හැකියාව ඇත.

 අපගේ කලාපය, අපගේ ජාතීන් සහ අපගේ සියලූ ජනතාව වෙනුවෙන් මෙය සාක්ෂාත් කර ගැනීමට අපි සියලූ දෙනා එක්ව කටයුතු කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment