ශ්‍රී ලංකාවේ විශාලම ආර්ථික පසුබෑම මේ වසරේ

237

ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තාවී ඇති විශාලතම ආර්ථික සංකෝචනය (පසුබෑම) වාර්තා කරමින් මේ වසරේ (2022) ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 8 කින් පමණ තියුණු ලෙස පසුබෑමට ලක්වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

විදේශ විනිමය හිඟවීම, අමුද්‍රව්‍ය හිඟය, ලෝක වෙළෙඳ භාණ්ඩවල මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම, විදුලිබල හා බලශක්ති ක්‍ෂේත්‍රයේ පවතින අවදානම් සහ මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමේ ක්‍රියාමාර්ගවල ඒකාබද්ධ බලපෑම මගින් මෙසේ මේ වසරේ ආර්ථික ක්‍රියාකාරීත්වය මත සෘණාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්‍ෂා කරන බවද මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ මෑතකාලීන ආර්ථික ප්‍රවණතා 2022 නම් ප්‍රකාශනය මගින් මේ තොරතුරු අනාවරණය කර ඇත.

ලබන වසරේද (2022) දී සෘණ ආර්ථික වර්ධන වේගයක් වාර්තා කරනු ඇතැයි අපේක්‍ෂා කරන අතර වර්ෂ 2024 සිට ආර්ථික වර්ධන වේගය ක්‍රමයෙන් ඉහළ යනු ඇතැයි මහ බැංකුව අපේක්‍ෂා කරයි.

ආර්ථිකය පිළිබඳ විශ්වාසය යළි ගොඩ නැංවීම සඳහා රජය සහ අනෙකුත් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ස්ථීර කැපවීම අත්‍යවශ්‍ය බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාව මගින් අවධාරණය කර ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment