ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නංවන්න රැජිනිකාන්ත්ගේ සහය ඉල්ලයි

166

ශ්‍රී ලංකාවේ සංචාරක ක්‍ෂේත්‍රය සහ අධ්‍යාත්මික සංචාරක ක්‍ෂේත්‍රය නංවාලීමට සහය වන ලෙස ඉන්දියානු චෙන්නායි නුවර නියෝජ්‍ය ශ්‍රී ලංකා තානාපති ආචාර්ය සී වෙන්කටේස්වරන් සුපිරි නළු රැජිනිකාන්ත් හමුවී ඉල්ලා ඇත.

එසේම ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ද ආචාර්ය වෙන්කටේස්වරන් රැජිනිකාන්ත්ට ඇරයුම් කර තිබේ.

මේ අතර නුවරඑළියේ ඇති රාමායනය ගමන් මාර්ගය ගැන ද ශ්‍රී ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන ගැන ද ලොව අවධානය යොමු කරන ලෙසද නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා රැජිනිකාන්ත් වෙතින් ඉල්ලා තිබේ.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment