ශ‍්‍රී ලංකාවේ සංචාරයේදී සැලකිලිමත් වීමට බි‍්‍රතාන්‍ය ජාතිකයන්ට උපදෙස්

178

ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී එරට පවතින තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන ලෙස එක්සත් රාජධානිය විසින් සිය පුරවැසියන්ට සංචාරක උපදේශයනයක් මගින් දැනුම් දී තිබේ.

අත්‍යවශ්‍ය ආනයන ද්‍රව්‍ය සඳහා ගෙවීමට ප‍්‍රමාණවත් විදේශ විනිමය නොමැති වීම හේතුවෙන් ඖෂධ ඉන්ධන සහ ආහාර ද්‍රව්‍ය ඇතුළු මූලික අවශ්‍යතා හි`ගයක් නිර්මාණය වීම හරහා ශ‍්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිරිහෙමින් පවතින බවද එක්සත් රාජධානිය සිය පුරවැසියන්ට දැනුම්දී ඇත.

මේ නිසා සිල්ලර වෙළෙඳසැල්, ඉන්ධන පිරවුම් හල් සහ ෆාමසි යනාදියෙහි දිගු පෝලිම් තිබිය හැකි බවද එසේම ශ‍්‍රී ලංකාව තුළ මේ වනවිට විදුලි කප්පාදුවක් ක‍්‍රියාත්මක වන බවද එම සංචාරක උපදේශනයේ තවදුරටත් සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment