ලන්ඩනයේ සංචාරයක නිරත වූ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉකුත් දා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී එක්සත් රාජධානියේ සංචාරක කර්මාත්නයේ නියෝජිතයන් පිරිසක් හමුවිය. ශ්‍රී ලංකාව වෙත සිදු කෙරෙන අත්‍යවශ්‍ය නොවන සංචාරවලට එරෙහිව එක්සත් රාජධානියේ රජය නිකුත් කළ උපදේශනය ජූනි 11 වැනි දින ඉවත් කරන ලද පසුබිමක් හමුවේ, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සමඟ එක්ව සංවිධානය කළ මෙම ප්‍රවර්ධන වැඩසටහන ඉතා කාලෝචිත වැඩසටහනක් බවට පත්විය. සංචාරක ක්‍රියාකරුවන්, සංචාරක සංගම්, සංචාරක මාධ්‍යකරුවන් සහ ගුවන් සේවා සහ සත්කාරක අංශයේ නියෝජිතයන් ඇතුළු එක්සත් රාජධානියේ සංචාරක කර්මාන්තයේ ප්‍රමුඛයන් 60 දෙනෙකුට අධික පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ගත් කල, 2 වැනි විශාලතම රාජ්‍ය වන්නේ එක්සත් රාජධානියයි. පිළිගැනීමේ දේශනය ඉදිරිපත් කළ මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය, ශ්‍රී ලංකාව යනු දුෂ්කර තත්ත්වයන් හමුවේ ජයග්‍රහණ හිමි කරගත්, ඔරොත්තු දීමේ හැකියාවක් සහිත රටක් බව සඳහන් කළා ය. ‘සංචාරය සඳහා වන මීළඟ ගමනාන්තය’ ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය මිත්‍ර රටවල සහය අපේක්ෂා කරයි. ශ්‍රී ලංකාව තම සංචාරකයන්ට පිරිනමන්නේ හුදෙක් පසිඳුරන් පිනවීම මත පමණක් සීමා නොවූ, එහෙත් ඉන් ඔබ්බට විහිදී යන යන අද්විතීය අත්දැකීමකි.
|