ශ්‍රී ලංකාවේ ළමුන් ගැන යුනිසෙෆ් වෙතින් රතු එළියක්

208


ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය නිසා ළමුන්ගෙන් සෑම දෙදෙනෙකුගෙන් එක් අයෙකුට යම් ආකාරයේ හදිසි ආධාර උපකාර ලබාදීමේ අවශ්‍යතාවයක පවතින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂක ජෝර්ජ් ලාර්යෙයා ඇඩ්ජෙයි පවසයි.
ආර්ථික අර්බුදය මඟින් ශ්‍රී ලංකාව අඛණ්ඩව දුෂ්කරතාවයට පත්වීම හේතුකොටගෙන, අතිශය දරිද්‍රතාවයෙන් පෙළෙන වඩාත් අවදානමට ලක්විය හැකි පිරිමි ළමයි සහ ගැහැණු ළමයි දරුණුතම බලපෑමට ලක්වී සිටින බවද සඳහන් කරයි.
1948 දී නිදහස ලබාගැනීමෙන් අනතුරුව වඩාත් දරුණුතම ආර්ථික අර්බුදයකට වර්තමානයේ මුහුණදෙමින් සිටී. ආහාර මිළදී ගැනීමේ හැකියාව නොමැතිවීම නිසා පවුල්, ඔවුන්ගේ එදිනෙදා නිතිපතා ගනුලබන ආහාරවේල් අත්හරිමින් සිටී. දකුණු ආසියාවේ වැඩියෙන්ම දරුණු මන්ද පෝෂණ තත්වයන් දැක්වෙන දෙවන රට වූ ශ්‍රී ලංකාවේ ළමයි මීළඟ ආහාරවේල ලැබෙන්නේ කෙසේදැයි නොදැන කුසගින්නේ නින්දට යන බවද ඔහු පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment