ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර කලාපයේ නාවික වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත්කරනවා

107

ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින් ලෝකයට විවෘත කර, බලගතු ආසියාවක් නිර්මාණය කිරීමට සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඉන්දියානු සාගර කලාපයේ නාවික නිදහස තහවුරු කරමින්, ශ්‍රී ලංකාව නාවික වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ උපාධි ප්‍රදානෝත්සවය අමතමිනි. මෙහිදී ජනාධිපතිවරයා විද්‍යායතනයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. අනතුරුව විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

උත්සව සභාව තවදුරටත් ඇමතූ ජනාධිපතිවරයා, අපට හොඳ ආරක්ෂක පද්ධතියක් නැති වුණොත් අපේ අනාගතය විනාශ වී අයහපත් අතකට හැරෙන්න පුළුවන්. එය රටකට යහපත් තත්ත්වයක් නොවෙයි. රටක් වශයෙන් අපි 2030 ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දරන විධායක නිලධාරීන්ට ජාතික ආරක්ෂාව හා ක්‍රමෝපායික අධ්‍යයනය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් මෙරට ස්ථාපිත ප්‍රථම හා එකම උසස් අධ්‍යයන හා පර්යේෂණ ආයතනය මෙයයි.

ජාතික අවශ්‍යතා තහවුරු කිරීම සඳහා ජාතික ආරක්ෂාව, රාජ්‍ය තාන්ත්‍රිකභාවය හා රාජ්‍ය ප්‍රතිපත්ති අංශයන්හි උපායමාර්ගික චින්තකයන් සහ නායකයන් බිහි කිරීම ජාතික ආරක්ෂක විද්‍යායතනයේ මෙහෙවරයි.

2021 වසරේ ආරම්භ කෙරුණු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය මෙය වන අතර අධ්‍යයන ආයතනයේ අවශ්‍යතා සම්පූර්ණ කළ විද්‍යාර්ථයන් 31 දෙනකුට උපාධි ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එම්.බී.එස්. රත්නායක, ජාතික ආරක්ෂක විද්‍යායතනයේ සේනා විධායක මේජර් ජෙනරල් අමල් කරුණාසේකර, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංජීවනී වීරසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment