ශ්‍රී ලංකාව චීනයෙන් ණය ඉල්ලයි

279

ශ්‍රී ලංකාව චීනයෙන් ඩොලර් බිලියන 2.5 ක ණයක් ඉල්ලා ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොංග් මහතා අද (21) පැවසීය.

එම මුදලෙන් ඩොලර් බිලියනයක් සෘජු ණයක් ලෙසත් ඩොලර් බිලියන 1.5 ක් වෙනත් ණය මාර්ගවලින් ලබාදෙන ලෙසත් ඉල්ලා ඇති බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කීය.

ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි ඒ පිළිබඳව සළකා බලමින් සිටින බව කී ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොංග් මහතා චීනය තව දුරටත් ශ්‍රී ලංකාවට සියලුම අංශවලින් සහයෝගය දක්වන බවද සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment