ශ්‍රී ලංකාව ටෙස්ට් ගහලා කෝටි හයක් දිනයි

596

2021-2023 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියට ක්‍රීඩා කර එහි 05 වැනි ස්ථානයට හිමිකම් කී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 200,000 ක ත්‍යාග මුදලක් හිමිවීමට නියමිත බව ජගත් ක්‍රිකට් කවුන්සලය පෙරේදා (26 වැනිදා) නිවේදනය කළේය.

එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් කෝටි 6 ක් පමණ වේ.

තරගාවලිය සඳහා රටවල් 9 ක් ක්‍රීඩා කළ අතර ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 3.8 ක මුදලක් හෙවත් රුපියල් කෝටි 114 ක පමණ මුදලක් ඔවුන් අතරේ බෙදා දීමට නියමිත වේ.

ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ලබන මස 7 වැනිදා ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ඕස්ටේ්‍රලියාව හා ඉන්දියාව අතර ආරම්භ වීමට නියමිත අතර එහි ජයග්‍රහණය හිමිකර ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.6 මුදලක් තිළිණ වශයෙන් හිමිවීමට නියමිතය. එම මුදල රුපියල් කෝටි 48 කි. අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ඩොලර් 800,000 ක මුදලක් ද පිරිනැමීමට නියමිත වේ.

තරගාවලිය සඳහා රටවල් 9 ක් ක්‍රීඩා කළ අතර ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 3.8 ක මුදලක් හෙවත් රුපියල් කෝටි 114 ක පමණ මුදලක් ඔවුන් අතරේ බෙදා දීමට නියමිත වේ.

ඒ අනුව ශූරතාවලියේ තෙවැනි ස්ථානය හිමි කර ගත් දකුණු අප්‍රිකාවට ඩොලර් 450,000 ක මූල්‍ය ත්‍යාගයක් ද, සිව්වැනි ස්ථානය දිනා ගත් එංගලන්තයට ඩොලර් 350,000 ක මූල්‍ය ත්‍යාගයක් ද හිමි වේ.

සෙසු කණ්ඩායම් 4 වන නවසීලන්තය පාකිස්තානය බටහිර ඉන්දීය කොදෙව් හා බංග්ලාදේශයට ඩොලර් 100,000 බැගින් පිරිනැමීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment