ශ‍්‍රී ලංකාව තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් කාර්යාලයක් වසයි

1077


විදේශයන්හි පිහිටි තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජෙනරාල්
කාර්යාලයක් මෙම මස 30 වැනිදා සිට තාවකාලිකව වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍ය පියවර ගෙන ඇත.ඒ අනුව නොර්වේ ඔස්ලෝ නුවර පිහිටි තානාපති කාර්යාලය සහ ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි තානාපති කාර්යාලයද ඔස්ටේ‍්‍රලියාවේ සිඩ්නි නුවර පිහිටි කොන්සල් ජෙනරාල් කාර්යාලයද මෙලෙස තාවකාලිකව වසා දමා තිබේ.නොර්වේහි කටයුතු ස්වීඩන් තානාපති කාර්යාලයෙන්ද ඉරාකයේ කටයුතු එක්සත් අරාබි එමීර් තානාපති කාර්යාලයෙන්ද සිඩිනිහි කටයුතු කැන්ටබරි හි ඔස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලයෙන්ද ආවරණය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment