ශ්‍රී ලංකාව තෙවැනි තරගයේදී ඇෆ්ගනිස්ථානය පරාජය කරයි

363

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. දුනිත් වෙල්ලාලගේ ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් ලකුණු 31ක් රැස්කළේය. චරිත් අසලංක ලකුණු 83ක් රැස්කරගැනීමට සමත්විය.කුසල් මෙන්ඩිස් ලකුණු 67ක් රැස්කළේය.දසුන් ශානක හතරේ පහර 5ක් සමඟ ලකුණු 43ක් රැස්කළේය.පන්දු යැවීමේදී ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ලකරමින් රෂීඩ් ඛාන් කඩුලු 4ක් දවාගැනීමට සමත්විය.මොහොමඩ් නබී කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 313ක් රැස්කිරීමට සමත්විය. මේ අනුව තරගාවලිය 1ට 1ක් ලෙස සම විය.

advertistmentadvertistment
advertistmentadvertistment