ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව අද මුල් පියවර තබයි

329

2014 පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් වසර දහයකට පසුව ක්‍රියාත්මක වන 2024 පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු තරගයට අද (03 වැනිදා) මුහුණ දීමට නියමිතය.

දකුණු අප්‍රිකාව හමුවේ පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 8.00 ට ආරම්භ වීමට නියමිත අතර මෙවර තරගාවලියේ සිව් වැනි තරගය ලෙස මෙම තරගය පැවැත්වේ.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ දී “ඩී” කාණ්ඩය යටතේ තරග වදී.

ශ්‍රී ලංකා කණ්ඩායම වනිඳු හසරංග විසින් මෙහෙයවනු ලබන අතර දකුණු අප්‍රිකා කණ්ඩායම ඒඩ්න් මාක්‍රාම් විසින් මෙහෙයවනු ලබයි.

තරගාවලිය යටතේ පැවති පළමු පුහුණු තරගයෙන් පරාජයට පත් වූ ශ්‍රී ලංකාව දෙවන පුහුණු තරගයේදී ජයග්‍රහණය කර යළි සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණියේය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පන්දු වාර විස්සයි විස්ස තරග ඉතිහාසය පිරික්සීමේදී දෙරට අතර පවත්වා ඇති 17 කදී තරග දොළහක් දකුණු අප්‍රිකාව විසින් ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව තරග පහකදී ජය ලබා ඇත.

එසේම අවසන් වරට දෙරට අතර පැවැති තරග 5 ම දකුණු අප්‍රිකාව විසින් ජයගෙන තිබේ.

ශ්‍රී ලංකා සංචිතය – වනිඳු හසරංග (නායක), චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, කමිඳු මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර, මතීෂ පතිරණ, දිල්ෂාන් මධුෂංක.

දකුණු අප්‍රිකා සංචිතය – ඒඩ්න් මාක්‍රම් (නායක), ඔටිනියල් බාට්මන්, ජෙරල්ඩ් කොසී, ක්වින්ටන් ඩි කොක්, බියාන් ෆෝටූන්, රීසා හෙන්ඩි්‍රක්ස්, මාකෝ ජැන්සෙන්, හෙන්රිච් ක්ලසේන්, කේෂව් මහරාජ්, ඩේවිඩ් මිලර්, ඇන්රිච් නොකියා, කගීසෝ රබාඩා, රයන් රිකෙල්ටන්, ටැබ්රේඩස් ෂම්සි, ටි්‍රසාන් ස්ටබ්ස්.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment