ශ්‍රී ලංකාව නවසීලන්තයට

215

නවසීලන්තය සමඟ පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (27 වැනිදා) අලුයම නවසීලන්තය බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 17 දෙනකු සහ නිලධාරීන් 12 දෙනකු වශයෙන් 29 දෙනකු එසේ පිටත්ව ගොස් තිබුණි.

ශ්‍රී ලංකාව නවසීලන්තයට

නවසීලන්තයට එරෙහිව මෙවර තරගාවලිය සඳහා ටෙස්ට් තරග 02 ක්, එක් දින සීමිත ඕවර් 50 තරග 03 ක් සහ පන්දු වාර 20 – 20 තරග 03 ක් පැවැත්වීමට නියමිතය.

නවසීලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න විසින් හොබවන අතර එක් දින සීමිත ඕවර් 50 තරග සහ පන්දු වාර 20 – 20 තරග සඳහා නායකත්වය දීමට දසුන් ශානක ඇතුළු අනෙකුත් ක්‍රීඩකයන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වීමට නවසීලන්තය බලා යෑමට නියමිතය.

මෙම ටෙස්ට් තරග 02, ලෝක ශූරතා ටෙස්ට් තරගාවලිය යටතේ පැවැත්වෙන අතර එක් දින තරගාවලිය එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරග සඳහා සුදුසුකම් ලැබීමේ තරග ලෙස පැවැත්වේ.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment