ශ්‍රී ලංකාව නව වසරට ඉන්දියාවේදී වැඩ අල්ලයි

369

2023 වසර උදාවත්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමඟ එක්දින තරග 3 කට සහ විස්සයි – 20 තරග 3 කට ඉන්දියාවේදී සහභාගි වනු ඇත. ජනවාරි 03 වැනිදා මුම්බායිහි ආරම්භ වන විස්සයි – 20 තරගයෙන් තරගාවලිය ආරම්භ වනු ඇත.

එම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා පිල සහභාගි වන ඉතිරි විස්සයි – 20 තරග දෙක 05 වැනිදා පුනේහිදීත් 07 වැනිදා රාජ්කෝට් හිදීත් පැවැත්වෙනු ඇත.

එම තරගාවලියෙන් අනතුරුව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු වැන්න ජනවාරි 10 වැනිදා ගුවාතිවලදීත් දෙවැන්න 12 වැනිදා කොල්කටා වලදීත් සහ තෙවැන්න 15 වැනිදා ත්‍රිවේන්ද්‍රම්හිදීත් පැවැත්වේ.

ශ්‍රී ලංකාව නව වසරට ඉන්දියාවේදී වැඩ අල්ලයි

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පුරුදු පරිදි නායක දසුන් ශානක වෙත පැවරී ඇති අතර ඉන්දීය කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩයා වෙත පවරා තිබේ.

ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා එම තරගාවලියේ විවේක ගන්වා තිබෙන නිසා පාණ්ඩයා නායකත්වය දරයි. එමෙන්ම ඉන්දීය කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක විරාත් කෝලි ද එම තරගාවලියට සහභාගි නොවන බව වාර්තා වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment