ශ්‍රී ලංකාව රෝගී සංචාරකයින්ගේ ගමනාන්තයක් කිරීමේ යෝජනාවක්

458


ශ්‍රී ලංකාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙන සංචාරකයින්ගේ ගමනාන්තයක් බවට පත් කළ හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමේ රෝහල් සහ ප්‍රමාණවත් මානව සම්පත් රට තුළ ඇති බව සංගමය පෙන්වා දෙයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන ගැටලුවලට විසඳුම් සෙවීමේ උපාය මාර්ගික වැඩපිළිවෙළක් ගොඩනගා ගැනීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට දිය හැකි සහාය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී මේ බව සඳහන් කෙරිණ.

advertistmentadvertistment
advertistmentadvertistment