ශ‍්‍රී ලංකාව ලෙබනනයක් වේද?

455

ශ‍්‍රී ලංකාව ලෙබනනයක් බවට පත්වේ ද?

ලෙබනනයේ දී මෙයට පෙර ශ‍්‍රී ලංකාවට සමාන තත්ත්වයක් උදාවිය. ලෙබනනයේ ජනතාවට ගෑස්, ඉන්ධන සහ ආර්ථික ප‍්‍රශ්න උග‍්‍රවිය. එහෙත් දේශපාලකයෝ එකිනෙකා ගැටුම් ඇතිකර ගනු ලැබීය. ලෙබනනයේ එක් පැත්තක කි‍්‍රයාත්මක වන්නේ හමාස් සංවිධානයයි. අනික් පැත්තෙන් කි‍්‍රස්තියානි පැලැන්ගිස්ට් ආණ්ඩුව ක‍්‍රියාත්මක වේ. එම ආණ්ඩුවට හමාස් සංවිධානය ද සම්බන්ධ වේ. අවසානයේ දී ලෙබනනයේ මුදලේ අගය ද බරපතළ ලෙස පහළ වැටුණි. එහිදී බටහිර රටවල් ලෙබනනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් විය. අද ශ‍්‍රී ලංකාවේ ද කොටස් දෙකක් සිටිති. ඒ උතුරේ බෙදුම්වාදීන් සහ විදේශ සබඳතා මත ක‍්‍රියාත්මකවන ඩොලර් අරමුදල් ලබන්නන් රට දෙකඩ කිරීමට කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කිරීමයි.

මෙරට ගෑස්, ඉන්ධන සහ කිරිපිටි අර්බුදය උග‍්‍රවී තිබිය දී රජය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට මුල්විය.

ඒ ද්‍රවිඩ සන්ධානය සැනසීම සඳහායි. මෙහිදී ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී එම්. කේ. සුමන්තිරන් අපට 13 වැනි සංශෝධනය පූර්ණව ලබාදීමට කි‍්‍රයාකළ හොත් ඩයස්පෝරාවේ අරමුදල් ලබාදෙන බව පවසා තිබුණි. රටේ ජනතාව ගෑස්, කිරිපිටි සහ ඉන්ධන ලබාගැනීමට ඩයස්පෝරාවෙන් අරමුදල් ලබාගන්නා ලෙස පැවසුවේ නැත. එලෙස ඩයස්පෝරා අරමුදල් ලබාගැනීමට ඉදිරිපත් වීම ලැජ්ජා සහගත ක‍්‍රියාවකි. එසේම වන්නි මෙහෙයුමේදී මියගිය හමුදා සෙබළුන්ට කරන ද්‍රෝහිකමකි.

එහෙත් රජයේ දේශපාලකයන් මේ බව අවබෝධකරගෙන තිබේ ද?

ජනතාව දුෂ්කරතාවලට මුහුණ පා ඇති අවස්ථාවේ සුමන්තිරන් ඇතුළු කණ්ඩායම තමන්ගේ බෙදුම්වාදී අරමුණු ඉෂ්ට කරගැනීමට ඉදිරිපත් විය.

ඊට සමගාමීව ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ශ‍්‍රී ලංකාව තුළ ස්වයංපාලනය ඉල්ලා සිටියි. එවන් පසුබිමක් මැද තමිල්නාඩු මහ ඇමැති ස්ටාලින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අමතමින් ශ‍්‍රී ලංකාවේ උතුරේ ජනතාවට සෘජුව ආධාර දීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.

මෙයට පෙරද ඉන්දියාව ශ‍්‍රී ලංකාවට පරිප්පු දැමීය. මෙම පසුබිම මැද විදේශ බලවේග සහ ඔවුන්ට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන ශ‍්‍රී ලංකාව අරාජික තත්ත්වයට පත්කිරීමේ මෙහෙයුමක යෙදී සිටිති.

පසුගිය අතීත සිදුවීම් නිරීක්‍ෂණය කරනවිට ඇමරිකාව සහ ඉන්දියාවද මෙරට අරාජික කිරීමේ මෙහෙයුම්වල නිරත වී සිටි බව අනාවරණය විය.

එවැනි වාතාවරණයක් මැද ශ‍්‍රී ලංකාවේ ඉදිරි අනාගතය අවිනිශ්චිත තත්ත්වයක පවතී. ශ‍්‍රී ලංකාවට එරෙහි බටහිර රටවල් ශ‍්‍රී ලංකාවේ සිදුවන දේ ගැන දැඩි විමසිල්ලෙන් සිටින අතර එවන් සිදුවීම්වලට මැදිහත්වීමේ ප‍්‍රවණතාවයක් මතුවී ඇත.

විශේෂයෙන් ඇමරිකානු සහ බි‍්‍රතාන්‍ය සහ ජර්මානු තානාපතිවරු මේවනවිට සිය රටවලට ශ‍්‍රී ලංකාවේ අස්ථාවරතාවය ගැන තොරතුරු යවා තිබේ.

මේ පසුබිම මැද ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 28කට දඬුවම් කිරීම සඳහා පුන පුනා බලා සිටියි. එසේම වත්මන් ජනපති ධුරයෙන් ඉවත්වී වෙනත් රජයක් ස්ථාපිත වනු ඇති බවත් එවිට යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන් 28ක පිරිස තමන්ට භාරදෙනු ඇති බවත් මානව හිමිකම් කොමසාරිස්වරිය බලාපොරොත්තු වේ.

සර්බියානු රජය බිඳ වැටී නව රජයක් ස්ථාපිත වීමෙන් පසු එරට හමුදා නිලධාරීන් එවැනි අභාග්‍යසම්පන්න තත්ත්වයකට මුහුණ පෑවේය.

දැනටමත් ඇමරිකාව මෙරට හමුදාපතිට යුද අපරාධ චෝදනා එල්ල කර ඔහු සහ පවුලේ අයට එරටට පැමිණීම තහනම් කර තිබේ.

මේ අතර කොටි ඩයස්පෝරාව ද ශ‍්‍රී ලංකාව අස්ථාවර වනතුරු බලාසිටී. ඒ බව මෙරට විරෝධතාකරුවෝ අවබෝධකරගෙන නැත.

කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ද බලාසිටින්නේ තමන්ට අවශ්‍ය රජයක් ස්ථාපිත කර නව එන්.ජී. ඕ කෙටුම්පත අහෝසිකර ගැනීමයි.

ශ‍්‍රී ලංකාව තුළ මුල්වරට අස්ථාවර තත්ත්වයක් ඇතිවීමට බලපෑවේ රජය සතුරන් කවුද මිතුරන් කවුද යැයි හඳුනානොගැනීමයි. රජය බලයට ගෙන ඒමට මුල්වූ ජාතික සංවිධාන සහ රුපියල් ලක්‍ෂය ගණනක් වැයකර ගුවන් මගින් මෙරටට පැමිණ ජනපතිට හා රජයට ඡුන්දය දුන් ජනතාව ද රජය අමතක කළේය.

ඒ වෙනුවට රජය සී අයි ඒ ප‍්‍රමුඛ බටහිරට ගැති පාර්ශ්ව වෙත යොමුවී ඔවුන්ට ඉහළ තනතුරු ද දුන්නේය.

දේශපේ‍්‍රමී සහ ජාතික සංවිධානවල ඉල්ලීම් රජයේ නායකත්වය විසින් විසිකර දමනු ලැබීය. මේ තත්ත්වය මත රට තුළ සිදුවන්නේ කුමක්ද යන්න ගැන ජාතික සංවිධාන දැඩි කනගාටුවෙන් යුක්තව බලා සිටියේය.

එසේම බලයට පැමිණීමෙන් පසු අලූත් පිරිසක් රජයේ පාලනයට හවුල්විය. ඔවුන් උගතුන් හෝ විද්වතුන් නොවේ.

සී අයි ඒ සංවිධානයට සම්බන්ධ වූවෙක්ට කැබිනට් බලතල සහිත මහකොමසාරිස් ධුරය හිමිවිය. කොටි සමග සබඳතා පැවැත්වූවකුට ද තානාපතිධුරයක් ලැබීය.

රටේ සිදුවන්නේ කුමක්දැයි නිරීක්‍ෂණය කිරීමේ යාන්ත‍්‍රණයක් ස්ථාපිත නොවුණි. කොටි පැරදවිය නොහැකි යැයි පැවසූ සිංගප්පූරු පුරවැසියකුට ආරක්‍ෂාව ගැන පර්යේෂණ කිරීමට ආයතනයක් ස්ථාපිත කර එහි පාලනය භාර දුන්නේය. එහෙත් රජයට එරෙහිව විශාල විරෝධතා එනතුරු එම පර්යේෂකයා දැනසිටියේ නැත.

මේ තත්ත්වය මත රුසියාව ශ‍්‍රී ලංකාවට අඩු මිලකට පෙට‍්‍රල් සහ ඞීසල් ලබාදීමට ඉදිරිපත් වූවත් රජය ඒ ගැන උනන්දුවක් දක්වා නැන. ඒ වෙනුවට ඩුබායි රටෙන් තෙල් මිලයට ගත්තේය. එහෙත් ඉන්දීය අයි ඕ සී සහ හින්දුස්ථාන් පෙට්‍රෝලියම් රුසියාවෙන් බොරතෙල් මිලියන 3ක් කඩිනමින් මිලයට ගනු ලැබීය. ශ‍්‍රී ලංකාවේ රජය ඞීසල් ටොන් 40,000 ක් මිලයට ගත්තේ රුසියාවෙන් නොව අයි ඕ සී සමාගමෙනි.

මෙහිදී නැෙඟන ප‍්‍රශ්නය නම් ශ‍්‍රී ලංකාව අඩුමිලකට රුසියාවෙන් බොරතෙල් ලබාගැනීමට කි‍්‍රයා නොකිරීමයි.

රුසියානු තෙල් කඩිනමින් ලබාගැනීමට කි‍්‍රයාකළේනම් ජනතාවට ඉන්ධන ප‍්‍රමාදයකින් තොරව ලබාදීමේ හැකියාව තිබුණි.

එහෙත් එවැන්නක් සිදුවූයේ නැත.

රුසියාව මෙරටට ඉන්ධන සැපයීමට තීරණය කළේ අතරමැදියන් නැතිව රටකින් රටකට යන පිළිවෙත යටතේයි.

මේ අතර මෙයට වසර කිහිපයකට පෙර රාජ්‍ය නොවන සංවිධානවලට රුපියල් බිලියන පහකට අධික අරමුදල් සංවිධානවලට ලැබී තිබුණි. එහෙත් මේ මුදල් වැයකළේ කුමකට දැයි රජය සොයා බැලූවේ නැත. මෙරට ආණ්ඩුවලට එරෙහිව කි‍්‍රයාකිරීමට ද එම මුදල් වැයකර ඇතැයි හෙළි වී තිබේ. මේ තත්ත්වය මත ඇමරිකානු හිටපු හමුදා නිලධාරීන් ද විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීමේ මුවාවෙන් මෙරටට පැමිණ තිබේ. මොවුන් මෙහෙයවන ව්‍යාපෘති කුමක් දැයි රජය විමර්ශනය කිරීමට ක‍්‍රියාකර නැත.

මෙම විදේශ නිලධාරීන් ගැන හමුදා බුද්ධි අංශවලට ද අනාවරණය වී තිබුණි.

එහෙත් රජය ඔවුන් ගැන කි‍්‍රයානොකළේ රාජ්‍ය නොවන සංවිධාන දේශපාලන ලෙස බලගතු ඇමැතිවරයකු වෙත සමීප වී සිටී ම නිසාය.

මේ තත්ත්වය මත ඔස්ටේ‍්‍රලියානු පුරවැසියන් දෙදෙනෙක්ද මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී තිබේ.

කිරිපිටි ඉන්ධන සහ විදුලිය දුෂ්කරතාවල රටේ සමස්ත ජනතාවට මුහුණ පා සිටිය දී රජයේ බලධාරීහු ඒ ගැන තැකීමක් කළේ නැත.

දියර කිරි පැකැට්ටුව එකවරම රුපියල් 320 සිට 380 ක් විය. එහෙත් රජය ඒ ගැන කිසිම නිරීක්‍ෂණයක් කළේ නැත.

වන්නි මෙහෙයුම සහය නොදැක්වූ මුහුණු එකවරම වියත්මඟ නැමැති සංවිධානයකින් රටේ අයිතිකාරයන් විය. මේ පිරිස් කවුරුන් දැයි කිසිවෙක් දන්නේ නැත.

ලිට්රෝ ගෑස් සමාගම රජයේ විගණකාධිපාලනයෙන් ඉවත් කරලීමට මහජන මුදල් මිලියන ගණනක් වැයකළ පුද්ගලයාට එරෙහිව රජය පියවර ගත්තේ නැත.

මෙරට ජනතාව පාරට බැස විරෝධතා දක්වද්දී ඔහු ඉතාලියේ හිම ක‍්‍රීඩාවල නිරතවී සිටි බව හෙළි විය.

රජය මොහුගේ වත්කම් සොයාබැලීමට ද උනන්දුවක් ගෙන නැත. මේ තත්ත්වය මත පසුගිය මාස කීපය තුළ ආණ්ඩුවක් නැති බවට රට පත්විය.

ව්‍යාපාරිකයෝ හිතූ හිතූ ලෙස භාණ්ඩවල මිල වැඩිකරනු ලැබීය.

මෙවන් අසාධාරණ කි‍්‍රයාසිදුවන අවස්ථාවේ රජය බලාසිටියේය.

කෙසේ වෙතත් විරෝධතා පසුබිමේ රට අරාජික කිරීමට උත්සාහ කරන පාර්ශ්ව ද දියත් විය.

රටේ බහුතරය ඒ ගැන සැලකිල්ලක් හෝ අවධානයක් දැක්වූයේ නැත.

මේ තත්ත්වය මැද හිටපු කොටි යළි නැඟිටීමට උත්සාහ කරති. කොටිඩයස්පෝරාව ද රට තුළ අරාජික තත්ත්වයක් උදාවන තුරු බලාසිටී. ලන්ඩන් නුවර කොටි වෙබ් අඩවියක් පැවසුවේ වෙලාව පැමිණ ඇති බවයි. මේ වේලාව කුමන ක‍්‍රියා මාර්ගයක් සඳහා ද?

එහෙත් බහුතරය හිටපු කොටි අමතක කර ඇත. සිංහලයන්ට මාසයක් යනවිට සියල්ල අමතකයි යනුවෙන් ප‍්‍රභාකරන් පැවසුවේ එබැවිනි.

ඇමරිකාව ඉන්දියාව ඇතුළු රටවල් පහක් ක්වොඞ් නමින් සංවිධානයක් පිහිටුවා චීනයට එරෙහිව මෙහෙයුමක් ද දියත් කර ඇත.

එම මෙහෙයුමට ශ‍්‍රී ලංකාව ද බිලි වී තිබේ.

කොළඹ සිටින විදේශ තානාපතිවරු වියනා සම්මුතිය උල්ලංඝනය කරමින් උතුරට ගොස් ද්‍රවිඩ දේශපාලකයන් සමග රහස් සාකච්ඡුා පවත්වති.

එහෙත් මොවුන්ව විදේශ අමාත්‍යාංශයට කැඳවා ඔවුන්ට අවවාද කිරීමට රජයට කොන්දක් නැත.

වන්නි මෙහෙයුමේදී වානි කුමාර් නැමැති කොටි කි‍්‍රයාකාරිනිය අසුවිය. එහෙත් මෙරට දේශපාලකයකු බි‍්‍රතාන්‍ය තානාපතිගේ ඉල්ලීම මත ඇයව නිදහස් කළේය. අවසානයේදී ඇය ජනපති සහ හමුදාපති ඇතුළු හමුදා නිලධාරීන්ට යුද අපරාධ චෝදනා එල්ල කරනු ලැබීය.

වසර ගණනකට පෙර ඇමරිකානු සී අයි ඒ නියෝජිතයකු මෙරට ජාතික ආරක්‍ෂක මණ්ඩලයේ

රැස්වීමකට ගෙන ආ විදේශීය පුරවැසියාට වත්මන් රජය යටතේ ඉහළ ම තනතුරක් දුන්නේ නම් දේශපේ‍්‍රමී ජනතාවගේ සහාය රජයට හිමිවේ ද?

මේ අතර වත්මන් රජය පාඩම් ඉගෙන ගෙන නැත. ලොව පුරා සිදුවන සිදුවීම් ගැන ද රජය අධ්‍යයනය කරන්නේ නැත. මෙලෝ හසරක් නොදන්නා පාර්ශ්ව තානාපති කාර්යාලවලට පත්වී සිටිති. ඇතමුන් ඇමැතිවරුන්ගේ දූ පුතුන් සහ ඥාතීන්ය. මොවුන්ට තානාපති සේවය නිවාඩු ගතකිරීමේ රැකියාවන් වේ.

පසුගිය යහපාලන රජය යටතේ ද මෙය සිදුවිය. ජාතික ආරක්‍ෂාවට ප‍්‍රමුඛස්ථානය දිය යුතු නමුත් ජනපති සම්මාන උත්සවයේදී ජාතික ආරක්‍ෂාව කුණුබක්කියට දමා පරිසරයට සම්මාන ලබාදුන්නේය.

ඉන්පසු පාස්කු ප‍්‍රහාරය සිදුවිය. එම ප‍්‍රහාරය ගැන මතභේදාත්මක තොරතුරු රැසක් ඇත.

මෙවැනි අවුල් වියවුල් රැසක් මෙරට තිබීම බටහිර රටවල් බලාපොරොත්තු වූ කරුණුයි.

මිතුරන් අහකට විසිකර සතුරන් වෙත යොමුවීම විනාශයට මුල යැයි බි‍්‍රතාන්‍යයයේ හිටපු අගමැති වින්සන්ට් චර්චිල් වරක් පැවැසීය. අද සිදුවී ඇත්තේ එයයි. පසුගිය දිනක පකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් පැවසුවේ තමාව සහ ආණ්ඩුව පලවා හැරීම සඳහා ඇමරිකාව ක‍්‍රියා කළ බවයි. මේ තත්ත්වය මත ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමග සම්බන්ධකම් පවත්වන පාර්ශ්ව මෙරට සිටිති. ඔවුහු රටේ සිදුවන දේ ගැන ඇමරිකාවට නිරතුරුවම තොරතුරු සපයති. එහෙත් රජය මොවුන් ගේ ක‍්‍රියා ගැන නිරීක්‍ෂණය කරන්නේ නැත. එය පුදුමයක් නොවේ. කැනඩාවේ පුරවැසියකු වී පසුව එය අත්හල නැමැත්තෙකුට පත්කළ මන්ත‍්‍රී කමක් ද රජය ලබා දුන්නේ ය. ඔහුට වැටුප් ගෙවන්නේ මහජනතාවගේ බදු මුදල්වලිනි. වන්නි මෙහෙයුම සමයේ රාගවන් මෙරටට කළ සේවයක් නැත. එසේ නම් ඔහුව පත්කළ මන්ත‍්‍රීවරයකු කළේ කුමකට ද? මෑතක දී හෙළි වූයේ විදුලි බලය කැපීම ගැන ප‍්‍රකාශයන් කරන පුද්ගලයා විදුලි බිල පවා ගෙවා නැති බවයි. එහෙත් රජය ඒ ගැන ක‍්‍රියා කළේ ද?

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment