ශ‍්‍රී ලංකාව ලෝකයේ සංචාරක: ගමනාන්තයක් කරන්න කැපවෙනවා: එක්සත් රාජධානියේ ජාත්‍යන්තර රූ රැජන කියයි

451

ශ‍්‍රී ලංකාව ලෝකයේ සංචාරක ගමනාන්තයක් ලෙස ප‍්‍රවර්ධනය කිරීමට තමා කටයුතු කරන බව මේ දිනවල ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් රාජධානියේ ජාත්‍යන්තර රූ රැජින එවැන්ජලින් එල්ච්මැනර් මෙනවිය ඊයේ (01දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවාය.

ශ‍්‍රී ලංකාවට පැමිණි සංචාරය නිමා කරමින් සිය අත්දැකීම් ගැන කරුණු පැහැදිලි කිරීම සඳහා මේ මාධ්‍ය හමුව ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කර තිබිණි.

මෙරට සංචාරය කරන්නන්ට බොහෝ අත්දැකීම් ලබාදෙන මෙය නිසැක වශයෙන්ම ආරක්‍ෂිත සහ ඉතා සුන්දර රටක් බවද ඇය පැවසුවාය. ගාල්ල, ඇල්ල, නුවරඑළිය, මහනුවර, සීගිරිය, පින්නවල ඇතුළු ස්ථාන රැසක මම සංචාරය කළා. හිරිවඩුන්න ගමේ කළ සංචාරයෙන් ශ‍්‍රී ලංකාවේ ගැමි ජීවිතය අත්විඳීමට හැකි වුණා. මේ සෑම ස්ථානයකම අමතක නොවන අත්දැකීම් ලැබුවා. ශ‍්‍රී ලංකාවේ මගේ අත්දැකීම් පුදුමාකාරය යැයි ශ‍්‍රී ලංකාවේ සිය සංචාරක අත්දැකීම් ගැන පැහැදිලි කරමින් ඇය ප‍්‍රකාශ කළාය.

මෙහිදී ඇයගේ නිල වෙබ් අඩවිය දියත් කිරීම සහ ඇයගේ සංචාරයේ වැදගත් අවස්ථා වීඩියෝ පට මගින් ප‍්‍රදර්ශනය කිරීමද සිදුවිය. ඡායාරූපයෙන් දැක්වෙන්නේ එවැන්ජලින් එල්ච්මැනර් මෙනවිය මාධ්‍ය හමුවේදී කතා කළ අයුරුයි.

ඡායා – ජූඞ් ඩෙන්සිල් පතිරාජ

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment