ශ්‍රී ලංකාව ලෝකය එකතු කරමින් කරන ධන උත්පාදනය සජබ ආර්ථික දැක්මේ මූලික හරයයි

90

ශ්‍රී ලංකාව ගෝලීය නිෂ්පාදන ජාලා සමග සම්බන්ධ කරමින් වැඩි වැඩියෙන් ධනය උත්පාදනය කිරීම සමගි ජන බලවේගයේ ආර්ථික දැක්ම තුළින් සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

එම ආර්ථික දැක්ම පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කීවේය.

ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති කණ්ඩායම විසින් සම්පාදනය කළ මෙම සැලසුම වර්තමාන ආර්ථික අර්බුදයට ගැළපෙන පරිදි තවදුරටත් යාවත්කාලීන කරමින් එහි දීර්ඝ ප්‍රකාශනයක් ලෙස යළි එළිදක්වා තිබේ. මෙම සැලසුම මගින් රට ගොඩනැඟීම සඳහා කරුණු 10 කින් සමන්විත වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාව ගෝලීය නිෂ්පාදන ජාලා සමග සම්බන්ධ කරමින වැඩි වැඩියෙන් ධානය උත්පාදනය කිරීමටත් එම ධනය තුළින් ශ්‍රී ලංකාව ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික වශයෙන් ගොඩනැඟීමටත් මෙම සැලසුම මගින් අපේක්‍ෂා කරයි. කුඩා දූපතක් වන ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් කිහිප ගුණයක වෙළෙඳ පොළවල් ලංකාවට ඔබ්බෙන් පවතී. එම වෙළෙඳ පොළවල අති මහත් ධනයක් ඒරකාශීවී ඇත. මහා සාගරයෙන් දිය දෝතක් ගන්නා සේ මේ ගෝලීය වෙළෙඳ පොළින් අපගේ කොටස තරගකර ලබාගැනීම මෙම සැලසුමේ මූලික හරයයි. ඒ වෙනුවෙන් අපගේ අධ්‍යාපනය, ශ්‍රම බළකාය, යටිතල පහසුකම්, රාජ්‍ය සේවය ඇතුළු බොහෝ ක්‍ෂේත්‍ර ප්‍රතිසංස්කරණය කිරීමටත් වැඩි වැඩියෙන් විදේශ වෙළෙඳ ගිවිසුම් හරහා ලෝකය සමග එකතු වීමටත් මෙම සැලසුමෙන් අපේක්‍ෂා කර තිබේ.

මේ ආකාරයෙන් උත්පාදනය කරගන්නා ධනයෙන් සැලකිය යුතු කොටසක් මෙරට දුප්පත් ජනතාවට නිසි ලෙස ගලායන සමාජ ආරක්‍ෂණ ක්‍රමවේදයක් සකස් කිරීම ද මෙම සැලසුමෙන් අනාවරණය කර තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹ පැවැති උත්සවයේ දී මෙසේ අදහස් දැක්වීය.

‘අපි ලෝකයත් එක්ක එකතුවෙලා ඉහළ ධන උත්පාදනයක් කිරීමට මෙම සැලසුමෙන් අපේක්‍ෂා කරනවා. මේක අපි කරන්නේ අභිමානයෙන් යුතුව. ඉහළ තරගකාරීත්වයෙන් යුතු තාක්‍ෂණයෙන් ඉහළ භාණ්ඩ හා සේවා ලෝකයට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් අපගෙන් ගිලිහුණු අභිමානය අපි ක්‍රමානුකූලව ආයෙත් ලබා ගන්නවා. ඒ වගේම මේ විදිහට උපයා ගන්නා ධනයෙන් කොටසක් මනුස්සකමින් සමාජයේ දුප්පත් ජනතාව වෙත අපි සාධාරණ විදිහට බෙදා හරිනවා. අපි ක්‍රමානුකූලව ඒ ජනතාව දුප්පත් කමින් ගලවා ගැනීමටත් මෙමගින් සැලසුම් කර තිබෙනවා.

මෙම සැලසුම විනිවිද භාවය සහ වගවීම, ණය අර්බුදය කළමනාකරණය, මූල්‍ය සහ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය, ආදායම් ස්ථාවර කිරීම, විදම් පාලනය, වෙළෙඳාම, කර්මාන්ත, කෘෂිකර්මය සහ සේවා ප්‍රවර්ධනය, රාජ්‍ය අංශය කළමනාකරණය සහ ඩිජිටල්රකණය කිරීම, බලශක්තිය සහ මහජන උපයෝගීතා, නිෂ්පාදන සාධක වෙළෙඳ පොළ ප්‍රතිසංස්කරණ, සමාජ සාධාරණත්වය තහවුරු කිරීම, ශක්තිමත් සමාජ ආරක්‍ෂණ ජාලය සහ පොදු යටිතල පහසුකම් යන අංශ 10 යටතේ ඉදිරිපත් කර ඇත. මෙම අංශ යටතේ එම ක්‍ෂේත්‍රයන් වෙනුවෙන් ඉදිරියේ දී සිදුකිරීමට සැලසුම් කර තිබෙන වැඩසටහන් එකින් එක සවිස්තරාත්මකව මෙම සැලසුම මගින් හෙළිකර තිබේ.

මෙම ආර්ථික ඉදිරි දැක්ම මගින් සමාජ වෙළෙඳ පොළ ආර්ථිකයක් පිළිබඳව විශ්වාසය තබා තිබෙන අතර එය පුද්ගල නිදහස හා ස්වාධීනත්වය තහවුරු කරන ආර්ථික ලිබරල්වාදය හා සාධාරණත්වය හා යුක්තිය තහවුරු කරන දේශපාලන නිදහසේ මුහුවකි. දීර්ඝකාලීන තිරසාර සංවර්ධනය ළඟා කර ගැනීමට සෑම පුරවැසියකුට ම ඒ සඳහා අවස්ථාව ලබාදීම මෙමගින් අපේක්‍ෂා කරයි.

ශ්‍රී ලංකාවේ පිළිකාවන් මෙන් ඔඩු දුවා තිබෙන වංචා හා දූෂණ අවම කිරීමට පැහැදිලි වැඩපිළිවෙළක් මෙමගින් යෝජනා කර තිබෙන අතර එයට අල්ලස් සහ දූෂණ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට ස්වාධීන කොමිෂන් සභා නැවත බලාත්මක කිරීම, සොරාගත් වත්කම් සොයා ගැනීමේ වැඩසටහන කඩිනම් කිරීම සඳහා නීතිමය රාමුව ශක්තිමත් කිරීම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දූෂණ විරෝධී සම්මුතියට එකඟවීම, ස්වාධීන දූෂණ විරෝධී ආයතනයක් ඇති කිරීම ඇතුළත් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment