ශ්‍රී ලංකාව ලෝක කුසලාන අවසන් පූර්ව තරග වටයට රැගෙන යෑම මාගේ අරමුණයි – නායිකා චමරි අතපත්තු ජයග්‍රහණයෙන් අනතුරුව කියයි

316

ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට ගෙන යෑම සිය එකම අභිප්‍රාය බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසුවාය.

නායිකාවක් විදිහට තම කණ්ඩායම හොඳින් ක්‍රීඩා කරනවා දැකීම තම අරමුණ බවත් චමරි අතපත්තු පැවසුවාය.

එමෙන්ම තමන් ඉක්මනින්ම ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බවත් පැවසූ ඇය ඊට පෙර ශ්‍රී ලංකාව ලෝක කුසලානයක අවසන් පූර්ව වටයට ගෙන යෑම සිය එකම අභිප්‍රාය බව සඳහන් කළාය.

දකුණු අප්‍රිකාව සමග පැවති තෙවැනි හා අවසන් එක්දින තරග ජයග්‍රහණයෙන් අනතුරුව වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

“මගේ සමුගැන්ම ඉක්මනටම වෙයි. අපි දින වකවානු ගැන පස්සේ කථා කරමු. මම පහුගිය අවුරුදු 15 ක කාලයේදී මහන්සි වෙලා වැඩ කළා. ක්‍රීඩිකාවක් වගේම නායිකාවක් විදිහටත් මට යම් යම් ඉලක්ක ළඟා කර ගන්න පුළුවන් වුණා” යැයි ඇය පැවසුවාය.

ශ්‍රී ලංකාව තවමත් මෙම වසරේ (2024) බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලානයට හෝ එළඹෙන 2025 වර්ෂයේදී ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා නොමැත.

කෙසේ වෙතත් චමරි පවසන්නේ අඩියෙන් අඩිය සිය ඉලක්කය කරා යෑම සිය අරමුණ බවයි.

“මම දන්නවා හැම කණ්ඩායමම හොඳයි. ඔවුන් අපිට හොඳ තරගයක් දුන්නා. නමුත් මට හොඳ තරුණ කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් හොඳින් ක්‍රීඩා කරයි කියලා මම දන්නවා. නායිකාවක් විදිහට ඔවුන් හොඳින් ක්‍රීඩා කරනවා දකින එකයි මගේ අරමුණ.

චමරි මෙහිදී තවදුරටත් පැවසුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment