ශ්‍රී ලංකාව සමග සටනට ඇෆ්ගනිස්තානුවෝ අද එති

172

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීමට නියමිත ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අද (22 වැනිදා) උදෑසන දිවයිනට පැමිණීමට නියමිතය.

ලබන 25, 27 සහ 30 යන තෙදින මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී තරගාවලිය පැවැත්වෙන අතර ලෝක කුසලාන සුපිරි ලීගයට අයත්ව තරගාවලිය පැවැත්වේ.

තරගාවලියට සහභාගිවන වන ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකත්වය හෂ්මතුල්ලා ශාහීඩ් විසින් දරනු ලබයි.

18 දෙනකුගෙන් යුත් එම ඇෆ්ගනිස්ථාන සංචිතය අද උදෑසන කාණ්ඩ දෙකක් වශයෙන් දිවයිනට පැමිණීමට නියමිත වේ.

2023 වසර සඳහා වන ලෝක කුසලාන සුපිරි ලීගයේ ශ්‍රී ලංකාව තරග 18 කට සහභාගි වී ප්‍රසාද ලකුණු 62 ක් හිමිකර ගෙන තිබේ. හිමිව ඇති ස්ථානය 10 වන ස්ථානයයි. ඇෆ්ගනිස්ථානය එම සටහනේ හත්වන ස්ථානයේ පසුවන අතර ඔවුන් ප්‍රසාද ලකුණු 100ක් තරග 12ක් තුළ හිමිකර ගෙන ඇත. ඔවුන්ට තවත් තරග 12ක් ඉතිරිව ඇති අතර ශ්‍රී ලංකාවට ඉතිරිව ඇති තරග සංඛ්‍යාව හයක් පමණි.

මෙම ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් 8 ලබන වසරේ දී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ ප්‍රධාන කාණ්ඩයට සෘජුවම සුදුසුකම් ලබනු ඇත.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment