ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ළමා මන්දපෝෂණය ‘යුනිසෙෆ්’ ප්‍රකාශය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්‍ෂේප කරයි

230

මෙරට දරුවන් සම්බන්ධයෙන් ළමා මන්දපෝෂණය පිළිබඳව යුනිසෙෆ් සංවිධානය කළ ප්‍රකාශය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්‍ෂේප කර තිබේ.

මේ සඳහා ඔවුන් යොදාගෙන ඇති දත්ත පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඔවුන් එක් එක් රටවල සඳහා විවිධ වසරවල (1995 සිට 2019) කාල පරාසය තුළ සිදුකර ඇති සමීක්‍ෂණවල දත්ත සංසන්දනය කර ශ්‍රී ලංකාව සඳහා 2016 වසරේ කරන ලද ජනවිiාත්මක සහ සෞඛ්‍ය සමීක්‍ෂණ දත්ත එනම් කෘෂ බව 15% සැලකිල්ලට ගෙන ඇත.

නමුත් 2021 අග භාගයේ වෛi පර්යේෂණ ආයතන මගින් සිදුකරන ලද ජාතික මට්ටමේ සමීක්‍ෂණයට අනුව දරුවන්ගේ කෘෂ බව සියයට 13.2 දක්වා අඩු වී ඇති බවත් එය වර්තමානය වන විට 12.1 දක්වා අඩු වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්‍ද්‍රගුප්ත මහතා පෙන්වා දෙයි. එමෙන්ම වෙනත් රටවල මෙන් නොව කෘෂ බව සමඟ දරුවන් මරණයට පත්වීමේ සහ රෝගවලට බඳුන්වීමේ අවදානමක් මෙරට දක්නට නොලැබෙන බවත් හෙතෙම පැවසීය. තවද මැරමස්, ක්වොශියොකොර් වැනි උග්‍ර මන්දපෝෂණ තත්ත්වයන් ද දක්නට නොලැබෙන බව සෞඛ්‍ය ලේකම්වරයා පෙන්වා දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment