ශ්‍රී ලංකාව ස්ථාවර මාවතකට ගෙන ඒමට අයිඑම්එෆ් කැපවීම සහතික කරයි

194

හැකි ඉක්මනින් රට ස්ථාවර සහ තිරසාර වර්ධන මාවතක තැබීමට ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය මූල්‍ය අරමුදලේ කැපවීම සහතික කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකින් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2022 වාර්ෂික රැස්වීම් නිමා කළ බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය විසින් ගෙන ඇති දුෂ්කර නමුත් අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය රජයට ප්‍රශංසා කර ඇති අතර හැකි ඉක්මනින් රට ස්ථාවර සහ තිරසාර වර්ධන මාවතක තැබීමට ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට මූල්‍ය අරමුදලේ කැපවීමද සහතික කර ඇත.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්වරුන් ශ්‍රී ලංකාව සමග පැවති මුල්‍ය අරමුදලේ සාකච්ඡාවෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය සමග ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment