ශ්‍රී ලංකාව හරහා ජෑස් සංගීත සවාරියක්

249

යුරෝපා සංගමය මෙම මස ශ්‍රී ලංකාවේත් 26 වැනිදා යෙදෙන යුරෝපීය භාෂා දිනය සැමරීමේ අරමුණින් ස්විට්සර්ලන්ත ඉතාලි හා ප්‍රංශ තානාපති කාර්යාල සහ අලියොන්ස් ෆ්‍රොන්සේස්, ඉන්ස්ටිටියුට් හා බ්‍රිතාන්‍ය කවුන්සිලය සමග එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර හරහා ජෑස් සංගීත සවාරියක් පවත්වනු ඇත.

සාමකාමී හා අන්තර්ග්‍රාහී සමාජයක් උදෙසා යුරෝපා සංගමයේ පුළුල් ව්‍යායාමයෙහි කොටසක් වශයෙන්, මේ බහුභාෂීය ජෑස් සංගීත සවාරිය ප්‍රධාන ධාරාවේ ජෑස්, පොප්, රොක්, ජෑස් ෆියුෂන්, ජෑස් පොප් හා ලැටින් ජෑස් ශෛලියේ සංගීතය ඉදිරිපත් කරනු ඇත. මේ සවාරිය, අන්තර් සංස්කෘතික අවබෝධය දිරිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාවගේ භාෂා උරුමයෙහි විවිධත්වය ගෙනහැර පාමින් කොළඹින් පටන්ගෙන, මහනුවරට ගමන් කොට යාපනයෙන් සමාප්ත වෙයි.

මෙහි සමාරම්භක ප්‍රසංගය සැප්තැම්බර් 24 වැනි සෙනසුරාදා පස්වරු 6.30 සිට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ. එය පැමිණෙන අනුපිළිවෙළට සියලු දෙනාට නොමිලේ සහභාගි විය හැකි විවෘත ප්‍රසංගයකි. ඉන්පසු සැප්තැම්බර් 26 වැන සඳුදා පස්වරු 7.00ට මහනුවර Slightly Chilled Lounge Bar and Restaurant හි දී ජෑස් සන්ධ්‍යාවක් පැවැත්වෙයි. අවසන් ප්‍රසංගය සැප්තැම්බර් 28 වැනි බදාදා පස්වරු 5.30 සිට යාපනය මහජන පුස්තකාලයේදී පැවැත්වෙනු ඇත.

මේ ප්‍රසංගයට ගායිකාවක, ගිටාර් වාදිකාවක හා ගීත රචිකාවක වන එලියන් ඇම්හර්ඩ් සහ බේස් වාදිකාවක, සංගීත කණ්ඩායම් නායිකාවක, සංගීත රචිකාවක හා නිෂ්පාදිකාවක වන ඇමැන්ඩා රූසා ජර්මානු, ප්‍රංශ, ඉතාලි, පෘතුගීසි හා ඉංග්‍රීසි භාෂාවලින් ඉදිරිපත් කරන සංගීත නිර්මාණ ඇතුළත් වනු ඇත.

ස්විට්සර්ලන්තයේ උපන්, නිව්යෝර්ක් නගරයේ දැන් ජීවත්වන එලියන් ඇම්හර්ඩ්ගේ නව සංගීත රචනාවල එන සුවිශේෂ නාද සංයෝජනවලට, එම නගරයේ ඇති බහුසංස්කෘතික ශක්තියෙහි ආභාසය ලැබී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment