ශ්‍රී ලංකාව හා ප්‍රබල ඔස්ටේ්‍රලියාව අතර සටන අද

250

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර පන්දු වාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ මුහුණ දිය හැකි ප්‍රධානම අභියෝගය වන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාවයට පස් වතාවක් හිමිකම් කියන කාන්තා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ රැඳී සිටින ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමග ශ්‍රී ලංකාව අද (16 වැනිදා) තරග වැදීමට නියමිතය. දකුණු අප්‍රිකාවේ සෙන්ට් ජෝර්ජ් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට තරගය ආරම්භ වේ.

මෙම තරගය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවට ඉදිරි වටය සඳහා සුදුසුකම් ලැබීමට විශාල අවස්ථාවක් හිමි වේ.

කෙසේ වෙතත් මෙම තරගාවලිය යටතේ මෙතෙක් තමන් මුහුණ දුන් තරග දෙකම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබීම ඔස්ටේ්‍රලියාවට ද අද දිනයේ යම් තර්ජනයක් වනු ඇත.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින ඔස්ටේ්‍රලියාව ද ශ්‍රී ලංකාව මෙන් ම තමන් මුහුණ දුන් තරග දෙකම ජයග්‍රහණය කර ඇති අතර ශ්‍රී ලංකාවට වඩා ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය අතින් ඉදිරියෙන් සිටින ඔස්ටේ්‍රලියාව එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසු වේ.

ප්‍රසාද ලකුණු 4ක් හිමි කර ගෙන ශුද්ධ ලකුණු ලබා ලබාගැනීමේ වේගය +0.430ක් ලෙස ශ්‍රී ලංකාව සටහන් කරගෙන තිබේ.

මේ දක්වා තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර සිව්වැනි ස්ථානය නායිකා චමරි අතපත්තුට ද, පස්වෙනි ස්ථානය හර්ෂිතා මාධවීටත් හිමි වී තිබේ.

පන්දු යවන්නියන් අතර ඕෂධී රණසිංහ තෙවන ස්ථානයේ ද ඉනෝකා රණවීර සිවුවැනි ස්ථානයේ ද වැඩිම කඩුලුලාභීහු අතර රැඳී සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment