ශ‍්‍රී ලංකාව ෆේල් : සම්බන්ධන් බැෂලේට ලියයි

246

ශ‍්‍රී ලංකාව පරාජිත රාජ්‍යයක් බව දක්වමින් ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා විසින් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත සංදේශයක් යවා ඇත.

මේ සංදේශයේ තවදුරටත් දක්වා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ ම්ලේච්ඡු ඝාතන සිදුවී ඇති බවත් ද්‍රවිඩ ජනතාවගේ ජාතික ප‍්‍රශ්නයට පවා විසඳුමක් ලබාදී නැති බවත්ය.

රට මිලිටරිකරණයට ලක්කරන බවත් අත්අඩංගුවට ගැනීම් සහ දේශපාලන ක‍්‍රියාකාරීන් ගැන සෝදිසි කිරීම් සිදු කරන බවත් සම්බන්ධන් එම සංදේශයෙන් පැමිණිලි කර ඇත.

ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් කොල්ලකන බවට රජයට චෝදනා කරන සම්බන්ධන් එය ද්‍රවිඩ ජාතිකයන්ට බරපතළ අනතුරක් බවත් මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත දන්වා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment