ශ්‍රී ලංකා ඉන්දියා කාන්තා එක්දින සටනේ දෙවැන්න අද

144

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර ක්‍රියාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක දෙවැනි තරගය අද (04 වැනිද) මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වේ. තරගය අද පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතව තිබේ.

දෙරට අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය කඩුලු 4කින් ජය ගැනීමට සංචාරක ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලිය පිළිබඳ තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමට නම් අද තරගය ජය ගැනීම අනිවාර්ය කරුණක් වී තිබේ.

දෙරට අතර පැවැති විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වූ අතර අද තරගය ජය ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණහොත් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලියත් ජය ගැනීමට සංචාරක කණ්ඩායමට අවස්ථාව උදා වේ.

ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර ජාත්‍යන්තර එක්දින තරග 30ක් පවත්වා ඇති අතර ඉන් තරග 27ක් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වී ඇති අතර තරග 2ක් පමණක් ජය ගැනීමට සමත් වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – චමරි අතපත්තු, හසිනි පෙරේරා, හංසිමා කරුණාරත්න, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්ෂිද සිල්වා, අනුෂ්කා සංජීවනී, ඕෂධී රණසිංහ, රශ්මි සිල්වා, ඉනෝකා රණවීර, අචිනි කුලසූරිය,

ඉන්දීය කණ්ඩායම – හර්මන්ප්‍රිට් කෟර්, ෂෆාලි වර්මා, ස්මෘති මන්ධනා, හස්ටිකා භාටියා, හර්ලීන් ඩියෝල්, දීප්ති ෂර්මා, රීචා ගෝස්, පූජා වස්ට්‍රකර්, රේනුකා සිං, රාජේස්වරී ගයික්වඩ්, මේඝ්නා සිං.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment