ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ත්‍රී සිංහ ඉන්ඩස්ට්්‍රස් සඳහා රක්ෂණ පහසුකම් සලසයි

122

දේශයේ රක්ෂණයේ ප්‍රමුඛයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන ත්‍රී සිංහ ඉන්ඩස්ටි්‍රස් පුද්ගලික සමාගම සඳහා රක්ෂණ පහසුකම් සැලසීම සඳහා ගිවිසුමකට එළඹීම පසුගියදා සිදුවූ අතර මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ සහ ත්‍රී සිංහ ඉන්ඩස්ටි්‍රස් ආයතනයේ කළමනාකාරීත්වය සහභාගී විය.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මගින් ලබාදෙන මෙම රක්ෂණ සැලසුම ඔස්සේ ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන රෝලර් ඩෝ, ෂටර්ස් සහ ගේට්ටු සඳහා ගිණි රක්ෂණ සැලසුම ඔස්සේ ගිනිගැනීම් සහ අකුණු හේතුවෙන් සිදුවන හානි,විදුලිය මගින් සිදුවන හානි, සුළි සුළං සහ කුණාටු මගින් සිදුවන හානි ආවරණය වන පරිදි රක්ෂණ සේවා ලබාදෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment