ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා

252

සටහන හා ඡායාරූප- ජූඩ් ඩෙන්සිල් පතිරාජ

මෙරට ජනගහනයෙන් ජීවිත රක්‍ෂණයක් සඳහා හිමිකරුවන්වී ඇත්තේ සියයට 2ක් පමණ පිරිසක් බවත් වාහනයක් මාර්ගයට යොදනවා නම් අනිවාර්යෙන්ම වාහනය රක්‍ෂණය කිරීමට නීතියෙන් බැඳී සිටින බවත් විදෙස් ශ්‍රමිකයන්මිලියන ගණනක් ශ්‍රී ලංකාවට මුදල් එව්වද ඔවුන්ට හොඳ රක්‍ෂණ ක්‍රමයක් සහ විශ්‍රාම වැටුපක් හඳුන්වාදීමට අප ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කටයුතු කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්හි 26 වැනි නව සභාපතිවරයා ලෙස පත්වූ ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා පැවසීය.

මෙරට දෙස් හා විදෙස් රක්‍ෂණ සමාගම් 27ක් මේ වන විට ක්‍රියාත්මක වුවද අප තවමත් මහජන විශ්වාසය දිනා ගනිමින් අංක එකේ සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

කොළඹ 02, වොක්ෂෝල් වීදියේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඉකුත් 03 වැනිදා සිය ධුරයේ වැඩ භාරගැනීම සඳහා වූ චාම් උත්සවයෙන් අනතුරුව අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සේවය ඉතා ගුණාත්මක භාවයෙන් සපිරි අතර මූල්‍යම වටිනාකම් හෝ ජීවිත අරමුදල් මත පමණක්ම නොව අප කාර්ය මණ්ඩලයේ සුහද සේවයේ කර්යක්‍ෂමතාව සහ කැපවීම මත අංක එකට පැමිණ ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා, වසර කීපයකදී කෝවිඩ් -19 වසංගතයට මුහුණ පෑ අප මාස කීපයක සිට රටේ දේශපාලන අර්බුදයකට මුහුණ දුන් අතර කෙසේ හෝ රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමේ කාර්ය සඳහා අප රක්‍ෂණ ආයතනය කැපවී ක්‍රියා කිරීමට සිදුවනවා. විශේෂයෙන් විවිධ රෝගවලට ලක්වන බොහෝ අයට විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති අතර සෞඛ්‍ය රක්‍ෂණ වැඩපිළිවෙළ සඳහා ජනතාව උනන්දු කළ යුතුයි. ග්‍රාමීය මට්ටමින් අප රක්‍ෂණ ක්‍රමයන් හඳුන්වාදිය යුතු අතර ඒවා ප්‍රවර්ධනය කිරීමට නව තාක්‍ෂණය උපයෝගි කරගත යුතුයි.

කොළඹ හුණුපිටටටටටිය ගංගාරාම මහා විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමි විශේෂ අනුශාසනාවක් සිදුකළ අතර අත්ත්ඩිය ත්‍රිභවන දෙව්මැදුරේ පාලක ෆිලීසියන් රන්ජිත් පෙරේරා පියනම, කොළඹ ද2 අක්බාර් මස්ජිද් පල්ලියේ ප්‍රධාන පූජක ඒ. ඒ. එම්. රිඛාන් හා කොළඹ 02 කතරගම කෝවිලේ භ්‍රහ්ම සිවරාජ කුරුක්කල්තුමන් විශේෂ ආශිර්වාද සඳහා එක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment