ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මාරවිල ශාඛාව නව නිවහනකදී විවෘත වේ

39

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්හි මාරවිල ශාඛාව පසුගියදා නො. 83් , මීගමුව පාර, මාරවිල යන ලිපිනයට ගෙන යන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය නියෝජනය කරමින් චන්දන එල්. අලු‍ත්ගම මහතා – ප්‍රධාන විධායක නිලධාරී, රෝහිත අමරපාල මහතා – නියෝජ්‍ය ප්‍රධාන අධිකාරී- මානව සම්පත් හා සේවක සබඳතා චමින්ද ගුණසිංහ මහතා – නියෝජ්‍ය ප්‍රධාන අධිකාරී – පරිපාලන, ලලිත් ද සිල්වා මහතා – ප්‍රධානි බෙදාහැරීම් (සාමාන්‍ය රක්ෂණ), ජගත් වෙල්ගම මහතා – සහකාර සාමාන්‍ය අධිකාරීරැප්‍රධානි ජාතික විකුණුම් (ජිවිත) ඇතුළු මාරවිල ශාඛාවේ සේවක මණ්ඩලය, මාරවිල ප්‍රදේශයේ සම්භාවනීය ආරාධිත අමුත්තන් සහ මාරවිල ශාඛාවට සම්බන්ධ පාරිභෝගිකයින්ද සහභාගී විය.

මාරවිල ශාඛාව තම ව්‍යාපාරික කටයුතු ශක්තිමත් කර ගනිමින් තව දුරටත් අවට ප්‍රදේශවල පාරිභෝගිකයින්ට සියළු රක්ෂණ අවශ්‍යතා එකම වහලක් යටදී සම්පූර්ණ කරගැනීමේ හැකියාව සලසාදි තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment