ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව රුපියල් බිලියන 9.8 ක් ප්‍රකාශයට පත් කරයි

279

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රු. බිලියන 9.8 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2021 වසර සඳහා සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත ප්‍රධානය කරන අතර 2005 වසරේ සිට මේ දක්වා රුපියල් බිලියන 83 ක මුදලක් බෝනස් දීමනාව ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

එසේම පවත්නා ව්‍යාපාර පරිසර තත්ත්වයට අනුවර්තනය වීම සඳහා නම්‍යශීලී වෙමින්, සියලුම බෝනස් සහතික ඩිජිටල් මාධ්‍යයන් හරහා SMS” email සහ Apple App Storel සහ Google Playstore ඔස්සේ ලබාගත හැකි SLIC ජංගම ඇප් හරහා නිකුත් කර ඇත.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් රට තුළ පැවති අසීරු තත්ත්වය මධ්‍යයේ සහ මේ වනවිට පවත්නා අභියෝගාත්මක ආර්ථික හා සමාජ තත්ත්වය මධ්‍යයේ වුවද මෙම බෝනස් දීමනාව ප්‍රකාශයට පත්කිරීමත් සමගින් ජීවිත රක්ෂණ වෙළෙඳපොළ තුළ ඉහළ ප්‍රතිලාභ ලබාදෙන ජීවිත රක්ෂණයක් ලෙස ඔප්පු හිමියන් විසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙත තබා ඇති විශ්වාසය නැවත තහවුරු වී තිබේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සතු ක්‍රමවත් ආයෝජන කළමණාකරණ උපාය මාර්ග හා රු. බිලියන 152 වන රක්ෂණ ක්‍ෂේත්‍රයේ දැවැන්ත ජීවිත රක්ෂණ අරමුදල සිය ජීවිත රක්ෂණ සැලසුම් හිමියන්ට ඉහළ ප්‍රතිලාභ ලබාදීම සඳහා හේතුවී ඇති අතර ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ස්ථාවරත්වය සහ මුල්‍යමය ශක්තිය තහවුරු කරමින් මේ වන විට රු. බිලියන 268 ක් වන රක්ෂණ ක්‍ෂේත්‍රයේ අසමසම වත්කම් සම්භාරයකටද හිමිකම් කියයි. එසේම 2021 වසර තුළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ජීවිත රක්ෂණ වාරික ආදායම් අගය රු. බිලියන 19.3 ක සිට රු. බිලියන 21.9ක් දක්වා වර්ධනය කර ගැනීමට සමත්ව තිබෙන අතර එහි වර්ධනය 14.1% ක් වේ.

2021 වර්ෂය තුළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයෙහි ව්‍යාපාර උපාය මාර්ග පාරිභෝගිකයන් සඳහා පහසුව සැලසීම කෙන්ද්‍රගතකොටගෙන ක්‍රියාත්මක වූ අතර මේ අනුව ඔන්ලයින් ගෙවීම් පහසුකම් සැලසීම, පොලී රහිත පහසු ගෙවීම් ක්‍රම හඳුන්වා දීම සහ ඔන්ලයින් හරහා ජීවිත රක්ෂණ යෝජනා පත්‍ර භාරදීම ක්‍රියාත්මක කිරීම මේ අතර වේ.

එමෙන්ම පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතාවලට සරිලන ලෙස නිර්මාණය කරන ලද ජීවිත රක්ෂණ සැලසුම් රැසක් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සතුව තිබේ.

ජීවිත රක්ෂණ සඳහා ඇති ප්‍රවේශය වඩාත් ඉහළ නංවමින් වඩාත් ප්‍රායෝගික සහ දැරිය හැකි රක්ෂණ විසඳුම් රක්ෂණ වෙළෙඳපොළට හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නිරන්තරයෙන් සිය මූලික රක්ෂණ විසඳුම් වැඩිදියුණු කරනු ලබන අතර ඒ අනුව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ස්පීඩ් ඉන්වෙස්ට්මන්ට්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් Early Cash සහ මිණිමුතු අධ්‍යාපන සැලසුම් වෙනස්වන පාරිභෝගික අවශ්‍යතාවන් සඳහා වඩාත් ගැලපෙන අයුරින් වැඩිදියුණු කරමින් නැවතත් හඳුන්වා දෙන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment