ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලංකා හොස්පිටලස් වෙතින් ඉවත් වෙයි

259

මෙරට ලැයිස්තුගත සෞඛ්‍ය සේවා සැපයුම් සමාගමක් වන ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය හිමි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් විසින් සිය කොටස් හිමිකාරීත්වය මහා භාණ්ඩාගාරය වෙත පැවරීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් ලංකා හොස්පිටල්ස් සමාගම පවසන්නේ අදාළ තීරණය පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව විසින් තමන් වෙත දැනුම් දීමක් සිදුකර ඇති බවය.
මෙම කොටස් පැවරීම සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ඉල්ලීමක් සිදුකර ඇති බව තමන් වෙත දැනුම් දී ඇති බව ද ලංකා හොස්පිටල්ස් පීඑල්සී සඳහන් කරයි.

ලංකා හොස්පිටල්ස් සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන්ල කොටස් 58,781,308 ක් හෙවත් සියයට 26.27 ක් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් හි ජීවිත රක්ෂණ අරමුදල සතුවද කොටස් 56,080,643 ක් හෙවත් සියයට 25.07 ක් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් හි සාමාන්‍ය රක්ෂණ අරමුදල සතුව ද පවතී.

මේ අනුව ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.34කට හිමිකම් කියනු ලබන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් විසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment