ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් Cine Star කලාකරුවන් වෙත පිරිනැමෙන සෞඛ්‍ය රක්ෂණාවරණය

51
ඡයාරූපය: (වමේ සිට දකුණට) ආචාර්ය කිෂූ ගෝමස් මහතා (අධ්‍යක්ෂ - CINE STAR), ශ්‍රියානි අමරසේන මහත්මිය, ආචාර්ය රවින්ද්‍ර රන්දෙණිය මහතා, ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා (සභාපති - CINE STAR),), චන්දන එල්. අලු‍ත්ගම මහතා (ප්‍රධාන විධායක නිලධාරී - SLIC), දයාරත්න පෙරේරා මහතා (ප්‍රධාන නිලධාරී - ජිවිත රක්ෂණ, SLIC), නාමලී ඒ. සිල්වා මහත්මිය (නියෝජ්‍ය ප්‍රධාන අධිකාරී/ අලෙවි සහ ජිවිත රක්ෂණ බෙදාහැරීම් ප්‍රධානී - SLIC), ප්‍රියන්ත පෙරේරා මහතා (ප්‍රධාන නිලධාරී - සාමාන්‍ය රක්ෂණ, SLIC) ඡායාරූපය - නිශාන් එස්. ප්‍රියන්ත

දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) CINE STAR පදනමේ කලාකරුවන් සඳහා පුළුල් සෞඛ්‍ය රක්‍ෂණ ආවරණයක් ලබාදීම සඳහා CINE STAR පදනම සමඟ සහයෝගිතාවයකට එළඹිය.

මෙම වැඩ පිළිවෙලෙහි ප්‍රධාන අරමුණ වූයේ දේශීය කලාකරුවන් සඳහා සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දෙමින් ඔවුන්ට අවශ්‍ය කරන සෞඛ්‍ය රැකවරණය ලබා දීමයි. මේ තුලින් කලාකරුවන් දිරිගැන්වීම සහා ඔවුන්ගේ හෙට දිනය පිළිබඳ විශ්වාසයක් ඇතිකිරීමට බලාපොරොත්තු වේ. වත්මන් තත්ත්වය තුල සෞඛ්‍ය රක්ෂණය සෑම කෙනෙකුටම අත්‍යවශ්‍ය වන අතර, එවන් අවස්ථාවක මෙම අද්විතීය සෞඛ්‍ය රක්ෂණාවරණය කලාකරුවන් සඳහා වරප්‍රසාදයක් වනු ඇත.

වගකිවයුතු ව්‍යාපාරයක් ලෙස, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තම ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාත්මක වන වපසරියේ ප්‍රජාවන්ගේ වැඩි දියුණුවට නිරතුරුව දායක වන ආයතනයකි. ශ්‍රී ලංකාව පුරා සමාජ-සංස්කෘතික තිරසාරත්වය තුලින් සමාජ ආර්ථික තිරසරභාවය පෝෂණය කිරීමේදී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන අංශ තුනක් ඔස්සේ තම ප්‍රජ සත්කාර වැඩසටහන් දියත් කර ඇති අතර සංස්කෘතික අංශය ඉන් එකක් වේ. මේ වන විට ශ්‍රී ලාංකීය කලා හා සංස්කෘතිය ප්‍රවර්ධනය සඳහා සැලකිය යුතු දායකත්වයක් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලබා දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment