ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් CINE STAR කලාකරුවන්ට සෞඛ්‍ය රක්ෂණාවරණයක්

62

ඡායාරූපය: (වමේ සිට දකුණට) ආචාර්ය කිෂූ ගෝමස් මහතා (අධ්‍යක්ෂ CINE STAR), ශ්‍රියානි අමරසේන මහත්මිය, ආචාර්ය රවින්ද්‍ර රන්දෙණිය මහතා, ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා (සභාපති - CINE STAR), චන්දන එල්. අලුත්ගම මහතා (ප්‍රධාන විධායක නිලධාරී - ීඛෂක්‍), දයාරත්න පෙරේරා මහතා (ප්‍රධාන නිලධාරී - ජිවිත රක්ෂණ,SLIC‍), නාමලී ඒ. සිල්වා මහත්මිය (නියෝජ්‍ය ප්‍රධාන අධිකාරී/අලෙවි සහ ජිවිත රක්ෂණ බෙදාහැරීම් ප්‍රධානී - SLIC), ප්‍රියන්ත පෙරේරා මහතා (ප්‍රධාන නිලධාරී - සාමාන්‍ය රක්ෂණ, SLIC)

දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :(SLIC) CINE STAR පදනමේ කලාකරුවන් සඳහා පුළුල් සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් ලබාදීම සඳහා CINE STAR පදනම සමඟ සහයෝගිතාවයකට එළඹිය.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් CINE STAR කලාකරුවන්ට සෞඛ්‍ය රක්ෂණාවරණයක්

මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණ වූයේ දේශීය කලාකරුවන් සඳහා සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දෙමින් ඔවුන්ට අවශ්‍ය කරන සෞඛ්‍ය රැකවරණය ලබා දීමයි. මේ තුලින් කලාකරුවන් දිරිගැන්වීම සහා ඔවුන්ගේ හෙට දිනය පිළිබඳ විශ්වාසයක් ඇතිකිරීමට බලාපොරොත්තු වේ. වත්මන් තත්ත්වය තුළ සෞඛ්‍ය රක්ෂණය සෑම කෙනෙකුටම අත්‍යවශ්‍ය වන අතර” එවන් අවස්ථාවක මෙම අද්විතීය සෞඛ්‍ය රක්ෂණාවරණය කලාකරුවන් සඳහා වරප්‍රසාදයක් වනු ඇත.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් CINE STAR කලාකරුවන්ට සෞඛ්‍ය රක්ෂණාවරණයක්
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් CINE STAR කලාකරුවන්ට සෞඛ්‍ය රක්ෂණාවරණයක්

වගකිවයුතු ව්‍යාපාරයක් ලෙස” ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තම ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාත්මක වන වපසරියේ ප්‍රජාවන්ගේ වැඩි දියුණුවට නිරතුරුව දායක වන ආයතනයකි. ශ්‍රී ලංකාව පුරා සමාජ-සංස්කෘතික තිරසාරත්වය තුළින් සමාජ ආර්ථික තිරසරභාවය පෝෂණය කිරීමේදී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන අංශ තුනක් ඔස්සේ තම ප්‍රජා සත්කාර වැඩසටහන් දියත් කර ඇති අතර සංස්කෘතික අංශය ඉන් එකක් වේ. මේ වන විට ශ්‍රී ලාංකීය කලා හා සංස්කෘතිය ප්‍රවර්ධනය සඳහා සැලකිය යුතු දායකත්වයක් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලබා දී ඇත.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් CINE STAR කලාකරුවන්ට සෞඛ්‍ය රක්ෂණාවරණයක්
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් CINE STAR කලාකරුවන්ට සෞඛ්‍ය රක්ෂණාවරණයක්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලුත්ගම මහතා” ආරාධිතයන් අමතා කළ කතාවේදී පැවසුවේ” කලාව සහ සංස්කෘතිය ඕනෑම ප්‍රජාවක ප්‍රධාන තැනක් ගන්නා අතර සමාජයක් හොඳ වටිනාකම්වලින් පොහොසත් කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කරයි. ශ්‍රී ලංකාවේ කලා හා සංස්කෘතිය දිරිමත් කිරීමට පසුගිය කාල වකවානුව තුළ අප ආයතනය විවිධ වැඩසටහන් තුළින් දායකත්වය ලබා දී තිබේ. මේ අතර අපි බොහෝ කලාකරුවන්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ විවිධ අවස්ථාවලදී ඔවුන්ට උපකාර කිරීම සහ ඔවුන්ගේ ජීවන රටාව නඟා සිටුවීමට වසර ගණනාවක් පුරා සහයෝගය ලබා දී තිබෙනවා. අද දින මෙම SLIC‍-CINE STAR සහයෝගිතාවය තුළින් සිනමා කර්මාන්තයට සහ ජාතියට වටිනා සම්පතක් වන අපගේ කලාකරුවන්ට අවශ්‍ය සෞඛ්‍ය රැකවරණය ලබා දීම සඳහා ආයතනයක් ලෙස අද අපි තවත් පියවරක් ඉදිරියට තබන්නෙමු.. පැමිණි සිටි පිරිස අමතමින් CINE STAR පදනමේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පැවසුවේ” ‘පවතින තත්ත්වයන් තුළ සිනමා ක්ෂේත්‍රය දැවැන්ත අභියෝගවලට මුහුණ දෙන කාල වකවානුවකදී” දේශයේ රක්ෂකයා” ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමඟ සහයෝගිතාවයකට එළඹීමට හැකිවීම CINE STAR පදනම සැටියට අප හට සතුටට කරුණක් වන අතර අපගේ ඉදිරි ගමනට මහත් පිටිවහලක් ද වේ. SLIC සහ CINE STAR පදනම අතර ඇතිකරගත් මේ වැඩ පිළිවෙළ තුළින් දිගු ගමනක් මේ ආයතන දෙකට යා හැකි බව විශ්වාස කරන අතර අප ආයතන දෙකේ වටිනාකම් විදහා දක්වමින් වගකිවයුතු ව්‍යාපාර ආයතන සැටියට දිගුකාලීන සමාජ මෙහෙවරක යෙදෙන්නට මෙය මූලාරම්භයක් යැයි මාගේ විශ්වාසයි” ඔහු තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් CINE STAR කලාකරුවන්ට සෞඛ්‍ය රක්ෂණාවරණයක්

advertistmentadvertistment
advertistmentadvertistment