ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් මෝටර් ප්ලස් Pinnacle සුවිශේෂී මෝටර් රථ රක්ෂණය හඳුන්වා දෙයි

99

මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමය ශ්‍රී ලංකා ඉන්ෂුවරන් මෝටර් ප්ලස් සිය රක්ෂණ ඔප්පු හිමියන්ගේ ජීවන රටාවන් සහ ඔවුන්ගේ අවශ්‍යතාවන් සඳහා වඩාත් යෝග්‍ය වන අයුරින් Pinnacle මෝටර් රථ රක්ෂණ සැලසුම හඳුන්වා දී තිබේ.

මෝටර් ප්ලස් Pinnacle රක්ෂණ සැලසුම රු. මිලියන 15කට වඩා වැඩි රක්ෂිත මුදලක් සහිත පෞද්ගලික මෝටර් රථ සහ පෞද්ගලික ද්විත්ව කාර්ය වාහන සඳහා අදාළ වන අතර මෙම රක්ෂණ සැලසුම ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ මෙවන් රථවාහන සඳහා හඳුන්වාදෙන සුවිශේෂී රක්ෂණ විසඳුමක් වේ.

මෙම සුවිශේෂී රක්ෂණය ඔප්පු හිමියන්ට වඩාත් ඉහල සේවාවක් ලබාදීම සඳහාම සැලසුම් කර ඇති අතර මෙම රක්ෂණය මගින් හදිසි අනතුරකදී පුර්ණ ආවරණය, දුර බැහැර ප්‍රදේශයකදී අනතුරක් සිදුවූ අවස්ථාවේ නවාතැන් පහසුකම් ලබාගැනීම , මෝටර් රථය ඇදගෙන යාමේ වියදම් ප්‍රතිපූරණය සහ හදිසි ආපදා සහයක සේවා , රු. මිලියනයක් වටිනා පුද්ගල හදිසි අනතුරු මරණ ප්‍රතිලාභය ලබාගැනීම , දිවයින පුරා පිහිටි වාහන නියෝජිත ආයතන හරහා සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අනුමත වාහන අලුත්වැඩියා මධ්‍යස්ථාන හරහා මුදල් ගෙවීමෙන් තොරව වාහන අලුත්වැඩියා කරගැනීමේ පහසුකම සහ අනතුරට පත් වාහනය අලුත්වැඩියා කරන කාලය ඇතුලත කුලී රථ දීමනා ඇතුළු පහසුකම් රැසක් ආවරණය කරයි.

එසේම Pinnacle රක්ෂණය මගින් Call & Move පහසුකම, හිමිකම් ගෙවීමේ ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීම සඳහාම වෙන්වූ කාර්යමණ්ඩල සහය , ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් Mobile App හරහා සහ Customer Portal ඔස්සේ රක්ෂණ ඔප්පුව අලුත්කිරීමේ හැකියාව, තෙවන පාර්ශවීය ජීවිත හානි සඳහා පෞද්ගලික මෝටර් රථ සහ පෞද්ගලික ද්විත්ව කාර්ය වාහන සඳහා උපරිම සීමා නිර්ණයකින් තොරව වන්දි ලබාදීම, තෙවන පාර්ශවීය දේපල හානිවීම් සඳහා පෞද්ගලික මෝටර් රථ සඳහා උපරිම සීමා නිර්ණයකින් තොරව වන්දි ලබාදීම සහ පෞද්ගලික ද්විත්ව කාර්ය වාහන සඳහා රු. 500,000 ක ආවරණයක් ලබාදීම සහ කල්බදු/ලීසිං සඳහා ආවරණය ලබාදීම සිදුකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment