ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, සේනාරෝ මෝටර් කම්පැනි (Senaro Motor Company) පුද්ගලික සමගම සමගින් උපායමාර්ගික සහයෝගීතාවයකට එළඹෙයි

76
(වමේ සිට දකුණට) Senaro Motor Company පුද්ගලික සමාගමෙහී , මොහාන් සෝමචන්ද්‍ර මහතා - මෙහෙයුම් අධ්‍යක්ෂ, රොෂානා වඩුගේ මහතා - කළමනාකාර අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හී චන්දන එල්. අලුත්ගම මහතා - ප්‍රධාන විධායක නිලධාරී සහ ලලිත් ද සිල්වා මහතා - ප්‍රධානී, සාමාන්‍ය රක්ෂණය - බෙදාහැරීම්

පෙබරවාරි 14, 2023 – කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC), මෙරට දේශීය මෝටර් රථ නිෂ්පාදකයෙක් වන සෙනාරෝ මෝටර් කම්පැනි (Senaro Motor Company) පුද්ගලික සමගම සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ ඇත. මෙහි මූලික අරමුණ වූයේ, (Senaro GN125) යතුරුපැදියක් මිලදී ගන්නා පාරිභෝගිකයින් සඳහා සුවිශේෂී මෝටර් රථ රක්ෂණාවරණයක් ලබා දීමට කටයුතු කිරීමයි.

මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා කොළඹ, සිනමන් ලේක්සයිඩ්හිදී (Cinnamon Lakeside) සිදුවිය. මෙම අවස්ථාවට Senaro Motor Company පුද්ගලික සමාගමෙහී, මොහාන් සෝමචන්ද්‍ර මහතා – මෙහෙයුම් අධ්‍යක්ෂ, රොෂානා වඩුගේ මහතා – කළමනාකාර අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හී චන්දන එල්. අලුත්ගම මහතා – ප්‍රධාන විධායක නිලධාරී සහ ලලිත් ද සිල්වා මහතා – ප්‍රධානී, සාමාන්‍ය රක්ෂණය – බෙදාහැරීම් ද සහභාගි විය.

Senaro GN125 යතුරුපැදිය මිලදී ගන්නා සියලුම පාරිභෝගිකයින් හට පළමු වන වසර සඳහා සුවිශේෂී මෝටර් රථ රක්ෂණාවරණයක් සේනාරෝ වෙතින් ලබාදීම මෙම අවබෝධතා ගිවිසුමේ අපේක්ෂාව වේ. Senaro GN125 දේශීයව නිපදවන අමතර කොටස් මගින් 35% අගයදාම එකතු කිරීමක් සමගින් නිෂ්පාදනය කරන යතුරුපැදියකි. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, දේශයේ රක්ෂකයා ලෙස තම ව්‍යාපාරික වගකීම් හඳුනාගත් ආයතනයකි. තම ව්‍යාපාරික සහ සමාජ වගකීම් තම පාරිභෝගික සේවාවන් දක්වා සීමා නොකර ඉන් ඔබ්බට ගොස් රටේ ආර්ථික සංවර්ධනය සහ දේශීය කර්මාන්ත නගාසිටුවීමටද දායක වීමට ඇප කැප වී සිටි. SLIC, Senaro Motor පුද්ගලික සමගම සමග අතර ඇතිකරගත් මෙම ගිවිසුම මීට කදිම නිදසුනකි.

2002 දී පිහිටුවන ලද Senaro Motor Company පුද්ගලික සමගම, දේශීය මෝටර් රථ නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීමේ ව්‍යාපාරයකි. ශ්‍රී ලාංකීය වෙළඳපොළ සඳහා, Senaro Motor Company පුද්ගලික සමගම විසින් Senaro GN125 යතුරුපැදිය, Cargo ත්‍රිරෝද රථ ට්‍රක් රථයක් සහ ATV වාහනයක් එළිදක්වා ඇත. GN125 යනු වෙළඳපොළට හඳුන්වා දෙන ීැබ්රද යතුරුපැදි පෙළේ පළමු මාදිලිවලින් එකක් වන අතර එය ශ්‍රී ලංකාවේ එකලස් කර ඇත. වඩා හොඳ පාරිභෝගික අත්දැකීමක් සහ පහසුව සඳහා, දිවයින පුරා අලෙවි නියෝජිතයන් පත් කිරීම, වාහන සේවා ස්ථාන පිහිටුවීම, GN125 යතුරුපැදිය සඳහා එක්කරන දේශීය උපාංග නිපදවන්නන් හඳුන්වාදීම සහ මිලදී ගන්නා මෝටර් රථය සඳහා වගකීම සහතිකයක් ලබාදීම ආදී කාර්යන් රැසක් හරහා අලෙවියෙන් පසු සහාය ශක්තිමත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment