ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් 375 ක් සඳහා ප්‍රදානය කරයි

43

මුළු ශිෂ්‍යත්ව වටිනාකම රු. මිලියන 50ක්

දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලාභ ලබන රාජ්‍ය ආයතනයක් පමණක් නොව තම සමාජ වගකීම් අවබෝධ කර ගෙන තම ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාත්මක වන වපසරයේ වැඩි දියුණුවට ක්‍රියා කරන වගකිවයුතු ආයතනයකි.

SLIC විසින් රට පුරා සිටින සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන් සඳහා 2014 දී ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් – සුබ පැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කරන ලදී. මෙම ශිෂ්‍යත්ව ක්‍රමය මේ දක්වා රු. මිලියන 200කට ආසන්න වටිනාකමකින්යුත් ශිෂ්‍යත්ව 1800ක් ප්‍රදානය කර ඇත. 2020/21 5 වසර ශිෂ්‍යත්වය, 2020 අ.පො.ස සාමාන්‍ය පෙළ සහ 2020/21 අ.පො.ස උසස් පෙළ විභාගවලින් විශිෂ්ට දස්කම් දැක්වූ සිසුන් 375 දෙනෙකුට මෙවර ශිෂ්‍යත්ව ක්‍රමය මඟින් මුල්‍යම ශිෂත්ව පිරිනැමීමට නියමිතය. විභාග තුනෙන්ම ඉහළම ශේණිගත කිරීම් මත සිසුන් 75ක් තෝරා ගත් අතර මුලු‍ සිසුන් සංඛ්‍යාව 375 ක් වේ. 5 ශේණිය ශිෂ්‍යත්වය සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ, දිස්ත්‍රික් ජයග්‍රහණ අනුව සුදුසුකම් ලබා ගත් අය තෝරා ගන්නා ලද අතර අ.පො.ස. උසස් පෙළ අයදුම්කරුවන් සඳහා ජාතික මට්ටමේ ජයග්‍රහණ මත තෝරා ගැනීම් සිදු කරන ලදී.

වසර පහක් සඳහා රු. 20,000 ක් ද, වසර දෙකක් සඳහා රු. 40,000 ක් ද, වසර තුනක් සඳහා රු. 50,000 ක් ද බැගින් පිළිවෙලින් 5 වසර ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ විභාගවලින් සුබ පැතුම් ශිෂ්‍යත්වය සඳහා සුදුසුකම් ලැබු සිසුන් සඳහා ප්‍රදානය කෙරේ. මෙම ශිෂ්‍යත්ව සඳහා මුලු‍ වටිනාකම රු. මිලියන 50ක් වේ.

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment