ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වසර සඳහා රු. බි. 11.7ක දැවැන්ත බදුපෙර ලාභයක් වාර්තා කරයි

97

දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 වසර සඳහා රු.බිලියන 11.7 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 43.2 ක රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා කරමින් 9.7% ක විශිෂ්ට වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව තිබේ.

රට තුළ පැවති අභියෝගාත්මක ආර්ථික තත්වය මධ්‍යයේ වුවද , සිය වත්කම් සම්භාරය රුපියල් බිලියන 268 දක්වා සහ ජීවිත අරමුදල රු . බිලියන 152ක් දක්වා ඉහළ නංවාගනිමින් රටේ විශාලතම සහ ශක්තිමත්ම රක්ෂණ ආයතන ලෙස සිය ස්ථානය නැවතත් තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව තිබේ.

රටේ වත්මන් ආර්ථික තත්වය හේතුවෙන් අනෙකුත් රක්ෂණ ආයතන මෙන්ම ශේණිගත කිරීම “watch negative” ලෙසින් සඳහන් වුවද දිගුකාලීන මුල්‍ය ස්ථාවරත්වය සඳහා AA(lka) ෆිච් ශේණිගත කිරීම එලෙසින්ම පවත්වා ගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව තිබේ. තවද AA(lka) ෆිච් ශේණිගත කිරීම හිමිකරගෙන ඇති එකම ශ්‍රී ලාංකික රක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයි.

එමෙන්ම තවත් ජයග්‍රහණයක් සටහන් කරමින් ශ්‍රී ලංකාවේ වඩාත් අගනා සාමාන්‍ය රක්ෂණ සන්නාමය සහ වඩාත් ජනාදරයට පත් රක්ෂණ සන්නාමය ලෙස අඛණ්ඩව පස්වන වරටත් බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වෙතින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ඇගයීමට ලක්විය.

2021 වසර තුළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ජිවිත රක්ෂණ වාරික ආදායම් අගය රු.බිලියන 19.3 ක සිට රු.බිලියන 21.9ක් දක්වා වර්ධනය කරගැනීමට සමත්ව තිබෙන අතර එහි වර්ධනය 14.1% ක් වේ. රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමීත්වය තහවුරු කරමින් එම ක්ෂේතය තුල ප්‍රකාශිත වැඩිම බෝනස් මුදල ලෙසින් සිය වාර්තාව අභිබවා යමින් 2021 වසරේදී ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් සිය ජිවිත රක්ෂණ ඔප්පුහිමියන් වෙත රු.බිලියන 8.6 ක දැවැන්ත මුදලක් බෝනස් දීමනාව ලෙස ලබාදීමට සමත්වූ අතර මේ අනුව පසුගිය වසර 15 මුළුල්ලේ ශ්‍රීංකා ඉන්ෂුවරන්ස් වෙතින් ප්‍රකාශයට පත්කරන ලද අසමසම බෝනස් දීමනාවන්හි එකතුව රු. බිලියන 73.2 ක අගයක් ගනී.

සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල ප්‍රමුඛයා ලෙසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සාමාන්‍ය රක්ෂණ කාණ්ඩයේ සිය රක්ෂණ වාරික ආදායම් අගය රු. බිලියන 21.2 දක්වා වර්ධනය කරගැනීමට සමත්ව තිබෙන අතර එය 5.4%ක වර්ධනයකි.

advertistmentadvertistment
advertistmentadvertistment