ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2021 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී රක්ෂණ කාණ්ඩයේ විශිෂ්ටයන් අතරට එක්වෙමින් සම්මාන ලබයි

132

ශ්‍රී ලංකාවේ රක්ෂණයේ දැවැන්තයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 17 වන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ව්‍යාපාරික විශිෂ්ටත්වය වෙනුවෙන් රක්ෂණ කාණ්ඩය යටතේ විශිෂ්ටයන් අතරට එක්වෙමින් සම්මානයට පාත‍්‍ර විය.

මෙම සම්මාන උළෙල පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වුණු අතර මෙම අවස්ථාව සඳහා සම්භාවනීය අමුත්තන් රැසක් සහ ව්‍යාපාරික ප‍්‍රජාව සහභාගී විය.

ශ‍්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් 2004 දී ආරම්භ කරන ලද ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙල ඉහළම ප‍්‍රමිතීන්ට අනුකූලව පවත්වා ගෙන යන අතර ව්‍යාපාර විශිෂ්ටතා ඇගයීමට ලක්කරනු ලබන සම්මාන උළෙලක් ලෙසින් ව්‍යාපාරික ප‍්‍රජාව අතර ඉහල පිළිගැනීමට ලක්ව තිබේ.

වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙල රටේ ආර්ථික ප‍්‍රගතියට දායක වෙමින් ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ විශිෂ්ටත්වය පෙන්නුම් කළ ව්‍යාපාරික ආයතන ඇගයීමට ලක්කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක වේ.

advertistmentadvertistment
advertistmentadvertistment