ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු.බි. 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

76
ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා, සභාපති, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (වම) / චන්දන එල්. අලු‍ත්ගම,ප්‍රධාන විධායක නිලධාරී,ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (දකුණ)

දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා කිරීමට සමත්ව තිබේ. රට තුළ පැවති අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ වුවද , සිය වත්කම් සම්භාරය රුපියල් බිලියන 274 දක්වා සහ ජීවිත අරමුදල රු. බිලියන 156.7ක් දක්වා ඉහළ නංවාගනිමින් රටේ විශාලතම සහ ශක්තිමත්ම රක්ෂණ ආයතන ලෙස සිය ස්ථානය නැවතත් තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව තිබේ.

රටේ වත්මන් ආර්ථික තත්වය හේතුවෙන් අනෙකුත් රක්ෂණ ආයතන මෙන්ම ශේණිගත කිරීම ‘Rating Watch Negative’‍ ලෙසින් සඳහන් වුවද රක්ෂණ ආයතනයක තිබිය යුතු දිගුකාලීන මුල්‍ය ස්ථාවරත්වය සඳහා A(lka) ෆිච් ශ්‍රේණිගත කිරීම එලෙසින්ම පවත්වා ගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව තිබේ. තවද A(lka) ෆිච් ශ්‍රේණිගත කිරීම හිමිකරගෙන ඇති එකම ශ්‍රී ලාංකීය රක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයි.

2022 වසර තුළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ජිවිත රක්ෂණ වාරික ආදායම් අගය රු. බිලියන 20.9 ක් ලෙස වාර්තා වේ. රක්ෂණ ක්ෂේත‍්‍රයේ පුරෝගාමීත්වය තහවුරු කරමින් ක්ෂේත‍්‍රය තුල ප‍්‍රකාශිත වැඩිම බෝනස් මුදල ලෙසින් සිය වාර්තාව අභිබවා යමින් 2022 වසරේදී ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජිවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත රු. බිලියන 10.49 ක දැවැන්ත මුදලක් බෝනස් දීමනාව ලෙස ලබාදීමට සමත්වූ අතර මේ අනුව පසුගිය වසර 16 මුළුල්ලේ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් ප‍්‍රකාශයට පත්කරන ලද අසමසම බෝනස් දීමනාවන්හි එකතුව රු. බිලියන 92.8 ක අගයක් ගනී.

වෙළඳපල ප්‍රමුඛයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස්, වෙළඳපොලේ හි තම ප්‍රමුඛස්ථානය රැකගනිමින් රු. බිලියන 12.78 ක වාරික අදායමක් වාර්තා කල අතර තම වෙළඳපොල කොටස 19.6% දක්වා වර්ධනය කර ගැනීමට සමත් වී තිබේ. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් රක්ෂණ කාණ්ඩය 9.5% ක වර්ධනයක් වාර්තා කිරීමට සමත් වූ අතර රක්ෂණ ක්ෂේත්‍රයේ මෝටර් රථ රක්ෂණ කාණ්ඩය වර්ධනය වී ඇත්තේ 7.3% කින් පමණි.

පසු ගිය වර්ෂය තුළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ ක්ෂේත්‍රයට නව්‍ය වූ රක්ෂණ සැලසුම් ගණනාවක් හඳුන්වා දෙන ලදී. මේ අතර රක්ෂණ ඔප්පු හිමියන්ගේ ජීවන රටාවන් සහ ඔවුන්ගේ අවශ්‍යතාවන් සඳහා වඩාත් යෝග්‍ය වන අයුරින් මෝටර් ප්ලස් Pinnacle රක්ෂණ සැලසුම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා හඳුන්වා දුන් රථවාහන රක්ෂණාවරණයක් වන මෝටර් ප්ලස් Drive60 සහ පළමු සහ එකම වෛද්‍ය ආවරණය වන Medi60 හඳුන්වා දුන් අතර සියලු‍ම පුරවැසියන්ට සරිලන පෞද්ගලික අනතුරු ආවරණයක් වන ජන රැකුම ද හඳුන්වා දෙන ලදී. එසේම දරුවන්ගේ අනාගත අධ්‍යාපන සිහිනය සුරක්ෂිත කරන්නට නවතම School Fee Protector රැකවරණය ද හඳුන්වා දෙන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment