ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් “මෙඩි ප්ලස්” සෞඛ්‍ය රක්ෂණ සැලසුම හඳුන්වා දෙයි

66

රක්ෂණයේ ප්‍රමුඛයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් දැරිය හැකි මුදලට පහසුවෙන් ලබාගත හැකි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘මෙඩි ප්ලස්’ සෞඛ්‍ය රක්ෂණ සැලසුම හඳුන්වා දී තිබේ.සෞඛ්‍ය හා යහපැවැත්ම කෙරෙහි ඉහළ යන උනන්දුව සහ ඉහල යන සෞඛ්‍ය වියදම් සැලකිල්ලට ගනිමින් මෙම සුවිශේෂී රක්ෂණාවරණය පුළුල් සෞඛ්‍ය ආවරණයක් සලසමින් හඳුන්වා දී තිබේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙඩි ප්ලස් සෞඛ්‍ය රක්ෂණ සැලසුම සෞඛ්‍ය රක්ෂණ අවශ්‍යතාවන් රැසක් ආවරණය කරන දැරිය හැකි මුදලකට ලබාගත හැකි රක්ෂණාවරණයක් වන අතර මෙහි අන්තර්ගත විශේෂ හිමිකම් නොපෑමේ ප්‍රසාද දීමනාව හරහා සෑම හිමිකම් වර්ෂයක් සඳහාම වාර්ෂික රක්ෂිත වටිනාකම ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබේ. තවද, මේ හරහා රෝහල් ගාස්තු පියවීමකින් තොරව :ක්‍්ියකැි) රෝහල් ගතවී ප්‍රතිකාර ලබා රෝහලින් පිටවීමේ පහසුකම ලබාගැනීමට අවකාශය ලැබේ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙඩි ප්ලස් රක්ෂණාවරණය www.srilankainsurance.net පාරිභෝගික පිවිසුම හරහා පහසුවෙන් මිලදීගැනීමේ අවස්තාව මේ වනවිට පාරිභෝගිකයන්ට සලසා තිබේ. වයස අවුරුදු 18 ත් 60 ත් අතර වැඩිහිටියන් මෙම රක්ෂණාවරණය ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන අතර අවුරුදු 69 දී රක්ෂණාවරණය අවසන් වේ. එමෙන්ම දින 180ත් අවුරුදු 17ත් අතර වයසේ පසුවන දරුවන් සඳහාද මෙම රක්ෂණ ලබාගත හැකි අතර අවුරුදු 21 දී ආවරණය අවසන් වේ. වාර්ෂික මුළු රක්ෂිත මුදල රු. 250,000/-,

රු. 500,000/-, රු. 750,000/- සහ රු. 1,000,000/- ලෙසින් පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් සැලසුම් 4ක් ලෙස ලබාගත හැකි අතර මේ සමග පුද්ගලික හා රජයේ රෝහල් සඳහා සැත්කම් හා රෝහල් ගාස්තු ප්‍රතිලාභ ලබාගත හැකිවේ.

මෙම සෞඛ්‍ය රක්ෂණ සැලසුම සමගින් රෝහල් කාමර නේවාසික ගාස්තු, ශල්‍ය වෛද්‍ය ගාස්තු, වෛද්‍ය නිලධාරී ගාස්තු වෛද්‍ය උපදේශක ගාස්ත,වෛද්‍ය විශේෂඥ ගාස්තු, ගිලන් රථ ගාස්තු,දරු ප්‍රසුතිය සඳහා වන ගාස්තු සහ පූර්ව සහ පශ්චාත් රෝහල් ගාස්තු මෙන්ම වසංගත රෝග ආවරණයද (කොවිඩ් 19) ලබාගත හැකිය, එමෙන්ම විශේෂිත සැත්කම් සඳහා වන ආවරණය, ඇසේ සුද ඉවත් කිරීම, එක දින සැත්කම්, ඉන්ද්‍රීය අවයව දායකයාගේ වෛද්‍ය වියදම්, හිමිකම් නොපෑමේ ප්‍රසාද දීමනා සහ පවුලේ සාමාජිකයන් සඳහා ආවරණය අමතර ආවරණ ලෙස වාර්ෂික රක්ෂිත අගය ඇතුලත ලබාගත හැකිවේ.

advertistmentadvertistment
advertistmentadvertistment